Tuesday, April 23, 2024

මුදල් ගෙවා චැනල් කළ වෛද්‍යවරයෙක් රෝගීන් පරීක්ෂා නොකරම වෙනත් චැනලින් එකකට ගිහිල්ලා.

Must read

Co-Op_channeling

රෝග පරීක්ෂාවක් සදහා මුදල් ගෙවා වේලාවක් වෙන්කරගත් විශේෂඥ වෛද්‍යවරයෙකු රෝගීන් පරීක්ෂා නොකර වෙනත් පුද්ගලික රෝහලක් වෙත පිටවීයාමෙන් තමන් ඇතුලු රෝගීන් පිරිසකට බලවත් අසාධාරණයක් සිදු වූ බැවින් ඒ පිළිබදව පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා කුරුණෑගල ප‍්‍රදේශයේ රෝගියෙකු විසින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.

මෙලෙස පැමිණිලි කර ඇත්තේ කුරුණෑගල, දකුණු රවුම් පාරේ පදිංචි ඒ. සී. ඒ. නසාර් නැමැති පුද්ගලයෙක් විසිනි. තමන් විසින් පෙරේදා (17 දා) කුරුණෑගල සමූපකාර රෝහල වෙත රුපියල් 1380 ක මුදලක් ගෙවා වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය කීර්ති බණ්ඩාර මහතා හමුවීම සදහා වේලාවක් වෙන්කර ගත් බවත්, ඒ අනුව වෛද්‍යවරයා හමුවීම සදහා එම රෝහලෙන් තමන් වෙත 23 ලෙස සදහන් අංකයක් සහිත රිසිට්පතක් නිකුත් කළ බවද එම ලිපියේ සදහන් වී තිබේ. වෛද්‍යවරයා පැමිණෙන වේලාව පස්වරු 6 ලෙස රෝහලෙන් දැනුම් දුන් නමුත් අදාල වෛද්‍යවරයා පැමිණෙන විට රාත‍්‍රි 7.30 පමණ වූ බවත්, රෝගීන් 20 දෙනෙකු පමණක් පරීක්ෂා කිරීමෙන් පසුව තමන්ට අසනීප බැවින් සෙසු රෝගීන් පරීක්ෂා කළ නොහැකි බව පවසා වෛද්‍යවරයා සමූපකාර රෝහලෙන් නික්ම ගිය බවත් එම පැමිණිල්ලෙහි දැක්වෙයි. මේ හේතුවෙන් එම විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප‍්‍රතිකාර ලබාගැනීම සදහා මුදල් ගෙවා වේලාව වෙන්කරගෙන සිටි තමන් ඇතුලු රෝගීහු විශාල පිරිසකට දැඩි අපහසුතාවයට පත් වූ බවත්, ඒ අතර ඉතා දුර බැහැර සිට පැමිණි රෝගීහු මෙන්ම පැය ගණනාවක් තිස්සේ වෛද්‍යවරයා හමුවීමට බලා සිටි රෝගීන්ද සිටි බවත් නසාර් මහතා සිය පැමිණිල්ලෙන් කියයි. අසනීප බව පවසා සමූපකාර රෝහලෙන් පිට වී ගිය වෛද්‍යවරයා පිළිබදව කළ විමසා බැලීමකදී ඔහු ඒ වනවිට වෙනත් පුද්ගලික රෝහලක රෝගී පරීක්ෂාවේ යෙදී සිටින බව අනාවරණය කරගත හැකි වූ බවද එම පැමිණිල්ලෙහි වැඩිදුරටත් දැක්වෙයි. එබැවින් තමන් ඇතුලු රෝගීන්ට සිදු වූ අපහසුතාවය පිළිබදව පරීක්ෂණයක් පවත්වන්නැයි නසාර් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article