Thursday, March 28, 2024

කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගොම්මුන්නා කන්දේ ගල් කොරිය අත්හරියි !

Must read

gommunnawa_dcc

රිදීගම ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගොම්මුන්නාව කදුවැටිය ආශ‍්‍රිතව පවත්වාගෙන යනු ලබන ගල් කොරිය සදහා ඊට අදාල සියලු රාජ්‍ය ආයතනවලින් අනුමැතිය ලැබී ඇති හෙයින් එම ගල් කොරියේ කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් මැදිහත්විය නොහැකි බව කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් රිදීගම ප‍්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී පසුගියදා පැවැති රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැුස්වීම වෙත අදාල ලිපිය ඉදිරිපත් කරමින් රිදීගම ප‍්‍රාදේශීය ලේකම් එම්. එස්. එම්. නවාස් මහතා විසින් මේ බව අනාවරණය කළේය. ඉහල ජෛව විවිධත්වයකින් සහ ජල මූලාශ‍්‍රවලින් හෙබි ගොම්මුන්නා කන්දේ ඉහළ කොටසෙහි, පුද්ගලික ව්‍යාපාරිකයෙකු විසින් පවත්වාගෙන යන මෙම ගල් කොරිය හේතුවෙන් ජන ජීවිතයට සහ පරිසරයට දැඩි බලපෑම් එල්ලවන බවට සහ ප‍්‍රදේශයේ ජල උල්පත් සිදීයාමේ අවදානමක් මතු වී ඇති බව කියමින් ගොම්මුන්නා කන්ද අවට පිහිටි ගම්මාන පහළොවක පමණ ජනතාව මෙම ගල් කොරියට එරෙහිව දැඩි ලෙස විරෝධය පළකරමින් සිටිති. එම ගල් කොරියට එරෙහිව මහජන විරෝධතා, නඩු පැවැරීම්, සම්මන්ත‍්‍රණ ආදී ක‍්‍රියාමාර්ග ගණනාවක් පසුගිය සමයේදී ගම්වාසීන් දියත් කෙරුණු අතර ප‍්‍රදේශවාසීන් විසින් මෙම ගැටලුව කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙතද ඉදිරිපත් කර තිබිණි. අදාල ගැටලුව පිළිබදව සම්බන්ධීකරණ කමිටු රැස්වීම් කිහිපයකදීම සාකච්ඡාවට ගැනීමෙන් පසුව ඒ සදහා තවදුරටත් මැදිහත්විය නොහැකි බවට පසුගිය කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය තිබේ. දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවට අනුව වයඹ පළාත් පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය, රිදීගම ප‍්‍රදේශීය සභාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතන ගණනාවකින් අදාල ගල්කොරිය සදහා අනුමැතිය ලැබී තිබීම විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article