Wednesday, April 24, 2024

කුලියාපිටියේ හෝටලයකින් හනිමුන් කපල් එකකට දුන් කාමරයක දොරේ සිදුරක් !

Must read

door_hole

අලුත විවාහ වූ යුවළකට මධුසමය ගතකිරීම සදහා කුලියාපිටියේ ප්‍රසිද්ධ හෝටලයක් විසින් ලබා දුන් කාමරයක, දොරෙහි සිදුරක් තිබීම පිළිබදව මනාල යුවළගේ ඥාතීහු ඊයේ (03 දා) පොලිසියට පැමිණිලි කළහ.

පෙරේදා (02 වැනිදා ) විවාහ වූ මෙම නව යුවළ අදාල හෝටල් කාමරයේ එදින රාත්‍රිය නවාතැන් ගෙන අතර ඊයේ උදෑසන ඔවුන් කැදවාගෙන යාමට පැමිණි පවුලේ ඥාතියෙකු නිදි යහනට මුහුණලා පිහිටි දොරෙහි තිබූ සිදුරු දෙකක් දැක තිබේ. අදාල සිදුර තුළින් නව යුවළ නරඹා හෝ වීඩියෝ කර ඇති බවට සැකකළ නව යුවළගේ ඥාතිහු හෝටල් කළමනාකාරිත්වයට ඒ ගැන දැනුම් දී ඇතත් කළමනාකාරිත්වය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීම නිසා ඥාතිහු ඒ පිළිබදව කුලියාපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව එහි පැමිණි පොලිස් සහ soco නිලධාරිහු අදාල හෝටල් කාමරය පරීක්ෂාවට ලක්කල අතර අදාල දොරේ තිබූ සිදුරුද පරීක්ෂාවට ලක් කළහ.

පොලිසිය විසින් අදාල හෝටලය පරීක්ෂාවට ලක්කළ අයුරු නව යුවළගේ ඥාතිහු සිදුවීම විස්තර කළ අයුරු පහත වීඩියෝවෙන් දැක්වෙයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

door_hole_1

door_hole_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article