Friday, March 29, 2024

දරුවන් 18 දෙනෙකුට උපත දුන් මැණික්හාමි මාතාව ඇගයේ.

Must read

manik _hami

දරු දැරියන් 18 දෙනෙකු මෙලොවට බිහිකරමින්, උතුම් මව් පදවිය බබලවන්නට දායකත්වය දුන් නාරම්මල, මීවැව පදිංචි ඩී. එම්. මැණික්හාමි මාතාව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ අතින් ඇගයීමට ලක්විය.

මැණික්හාමි මාතාව මෙලෙස ඇගයීමට ලක්කෙරුණේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලියිය ශ‍්‍රවණාගාරයේදී පසුගියදා පැවැති වයඹ පළාත් වැඩිහිටි දින සැමැරුම් උලෙළේදීය. දැනට 82 හැවිරිදි වියේ පසුවන මැණික්හාමි මාතාව අදටත් මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර, කිසිවෙකුගේ ආධාර උපකාරයකින් තොරව තනිවම වේදිකාවට ගොඩ වී ඇමැතිවරයාගේ අතින් සම්මානය ලබාගැනීම විශේෂත්වයකි. තමන් මෙලොවට බිහිකළ දරුවන්ගෙන් දෙදෙනෙකු මේ වනවිට මියගොස් සිටින අතර සෙසු දරුවන් ජීවත්ව සිටින බව සම්මානය ලබාගැනීමෙන් පසුව ඕ කීවාය.

manik_hami_1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article