Thursday, April 25, 2024

සමෘද්ධි බැංකු ඔක්කොම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙයි.

Must read

Thoughtful elder man

දිවයින පුරා පිහිටි සෑම සමෘද්ධි බැංකුවක් ආශ‍්‍රිතවම ලබන වසරේදී වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවන බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා කියයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලියිය ශ‍්‍රවණාගාරයේදී පසුගියදා පැවැති වයඹ පළාත් වැඩිහිටි දින සැමැරුම් උත්සවයට සහභාගි වෙමිනි. දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1074 ක් ලබන වසරේදී නවීකරණය කෙරෙන බවත්, ඊට සමගාමීව සෑම සමෘද්ධි බැංකුවක් තුළම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානය බැගින් පිහිටුවීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා එහිදී පැවැසීය. එම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන තුළ වැඩිහියන්ට කියැවීමට සහ නැරඹීමට හැකිවන පරිදි පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනි වැනි පහසුකම් ලබාදෙන බවත්, ක‍්‍රීඩා කිරීම සදහා කාඩ්ස්, දාම් සහ කැරම් වැනි ක‍්‍රීඩා උපකරණ සපයන බවද හෙතෙම පැවැසීය. එමෙන්ම රුධිර පීඩනය මැනීමේ උපකරණ සහ සීනි මට්ටම මැනීමේ උපකරණද මෙම මධ්‍යස්ථානවලට ලබාදෙන බවත්, එම උපකරණ හැසිරවීම පිළිබද පුහුණුවක් තෝරාගත් වැඩිහිටියන් කිහිපදෙනෙකුට ලබාදීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කීය. මීට අමතරව තේ කෝප්පයක් හදාගැනීමේ පහසුකම් සහ මෙන්ම ස්නානය සදහා උණු වතුර ලබාගැනීමේ පහසුකම්ද මෙම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන තුළ පිහිටුවන බවද ඇමැතිවරයා කීය. ඒ අයුරින් ප‍්‍රදේශයේ වැඩිහිටියන්ට එකට එකතු වී සෙල්ලම් කිරීමට, සතුටු වීමට සහ විනෝදවීමට අවස්ථාව ලැබෙන පරිදි වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන 1074 ක් සමෘද්ධි බැංකු ආශ‍්‍රිතව ඉදිකරන බවත්, ලබන වසරේ පළමු මාස හය ඇතුලත එම ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා කීය.

මෙවැනි වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන සදහා යොදාගත හැකි, දැනට කිසිදු ප‍්‍රයෝජනයකට නොගන්නා නිවාස විශාල ප‍්‍රමාණයක් දැනටමත් හමු වී ඇති බව කී ඇමැතිවරයා එවැනි නිවාස ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම සදහා අදාල ප‍්‍රදේශයේ සමෘද්ධි බැංකු වෙත භාරදෙන බවද කීය. මෙලෙස ස්ථාපනය කරන වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක මාසික වියදම රුපියල් තිස් දහසක් සහ හතලිස් දහසක් අතර වනු ඇති බවත්, එම නඩත්තු වියදම ප‍්‍රදේශයේ සමෘද්ධි බැංකුව භාරදෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article