Wednesday, April 24, 2024

වයඹ මන්ත‍්‍රීවරු ගොන් කරත්තයෙන් පළාත් සභාවට එති. ( වීඩියෝ දර්ශණ )

Must read

nwp_karattha

රට තුළ පවතින ඉන්ධන හිගයට විරෝධය පළකරමින්, වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකු අද (07 දා ) පැවැති පළාත් සභා රැස්වීමට සහභාගිවීම සදහා ගොන් කරත්තයක නැගී පළාත් සභා සංකීර්ණය වෙත පැමිණියහ.

වයඹ පළාත් සභා සංකීර්ණයට නුදුරින් පිහිටි කුරුණෑගල වත්හිමි බණ්ඩාර දේවාලය අසල සිට පළාත් සභාව දක්වා මෙලෙස ගොන් කරත්තයෙන් පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකි. පළාත් සභා රැස්වීමට වාහනවලින් පැමිණීමට තරම් ප‍්‍රමාණවත් ඉන්ධන නොලැබුණු බැවින් කරත්තයෙන් ඒමට සිදු වූ බව මෙම මන්ත‍්‍රීවරු කීහ.

පියුමාල් හේරත් සහ සුමිත් රාජපක්ෂ යන මන්ත‍්‍රීවරුන් කරත්තය තුළ වාඩි වී පැමිණි අතර ඩී. බී. හේරත්, සමන්ප‍්‍රිය හේරත් සහ අශෝක පේ‍්‍රමදාස යන මන්ත‍්‍රීවරු විරෝධතා පුවරු ඔසවාගෙන කරත්තය දෙපසින් පා ගමනින් පැමිණියහ. මන්ත‍්‍රීවරු ඔසවාගෙන පැමිණි පුවරුවල ‘‘තෙලුත් ඉවරයි, රටත් ඉවරයි ’’ සහ ‘‘යහපාලන සහකරුවෝ , රට වනසන අම්බරුවෝ ’’ආදි විරෝධතා වැකි ලියා තිබූ අයුරු දැකගත හැකිවිය. පළාත් සභාවේ පිවිසුම් දොරටුව දක්වාම පැමිණි මන්ත‍්‍රී පිරිස කරත්තයෙන් බැසගත් අතර එම අවස්ථාවේදී එතැන සිටි සන්ධ්‍ය රාජපක්ෂ සහ ට්‍රෙවින් ප‍්‍රනාන්දු යන මන්ත‍්‍රීවරු දෙපළද විරෝධයට එක් වූහ. විනාඩි දහයක පමණ කාලයක් පළාත් සභා දොරටුව අසල විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් විරෝධය දැක් වූ මන්ත‍්‍රී පිරිස ඉන් අනතුරුව සභා ගර්භයට ඇතුලු වූහ.

පළාත් සභා රැස්වීමට සහභාගිවීම සදහා මන්ත‍්‍රීවරු ගොන් කරත්තයෙන් පැමිණෙන අයුරු පහත වීඩියෝවෙන් සහ ඡායාරූපවලින් දැක්වෙයි.

nwp_karattha_1 nwp_karattha_2 nwp_karattha_3 nwp_karattha_4 nwp_karattha_5 nwp_karattha_6 nwp_karattha_7

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article