Thursday, April 18, 2024

උදැල්ලකින් පහර දී පොඩි ශාන්ත මැරුවාට, මෙත්තාගම පහක් එල්ලුම් ගහට

Must read

ku_hc_muder

යක්විල, මෙත්තාගම ප‍්‍රදේශයේදී උදැල්ලකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ පුද්ගලයින් පස් දෙනෙකුට කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායස් මහතා අද ( 08 දා) මරණ දඩුවම් නියම කළේය.

මෙලෙස මරණ දඩුවම් නියම කෙරුණේ, යක්විල මෙත්තාගම ප‍දිංචි කච්චකඩුගේ ගාමිණී තිසේරා, හිටිහාමි අප්පුහාමිගේ කිංස්ලි ජෝශප් නොහොත් ජස්ටින් ගාමිණී, අරම්පත් පියන්ලාගේ තිලකරත්න, ලියනාරච්චිලාගේ තිලකරත්න, අතුකෝරාළලාගේ චන්ද්‍රපාල හදුන් පතිරැන්නැහැලාගේ රංජිත් පතිරණ සහ ඒ. පී. චමින්ද පතිරණ යන අයවලුන්ටය. 1996 අගෝස්තු මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී දේශපාලනික ආරවුලක් මත ඇතිකරගත් බහින්බස්වීමක් අතරතුරදී උදැල්ලකින් පහර දී මාකේවිට ලියනගේ පත්මසිරි නොහොත් පොඩි ශාන්ත යන අය ඝාතනය කළ බවට මෙම නඩුවේ විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහි අධිචෝදනා ගොනුකර තිබිණි. මෙම නඩුවේ තුන්වැනි හා හත්වැනි සැකකරුවන් නඩු විභාගය අතරතුරදී මියගොස් තිබීම හේතුවෙන් සෙසු සැකකරුවන් පස්දෙනා වරදකරුවන් බවට නිගමනය කරමින් මෙම තීන්දුව  ලබාදී තිබිණ.

රජයේ අධිනීතිඥ ඉරෝමා නානායක්කාර මහත්මිය සමග පන්නල පොලිසියේ කොස්තාපල් විජේනායක (5775) මහතා මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ටයිටස් මනතුංග මහතා පෙනීසිටියේය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article