Friday, April 19, 2024

දස හැවිරිදි කිරි සප්පයෙක් අඹුකමට ගත් 43 හැවිරිදි තුන් රෝද රියදුරෙකුට වැඩ වරදී.

Must read

child-abuse-amba-uyana-1

තම ත‍්‍රිරෝද රථයෙන් පාසලට ඇරලවන දස හැවිරිදි පාසල් දැරියක් මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ අපයෝජනයට ලක්කළ බව කියන 43 හැවිරිදි ත‍්‍රිරෝද රථ රියදුරෙකු ගොකරැල්ල පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ දොඩම්ගස්ලන්ද, අඹ උයන ප‍්‍රදේශයේ පදිංචි හුංගම්පොල රාළලාගේ ජයතිලක හුංගම්පොල නැමැති ත‍්‍රිරෝද රථ රියදුරෙකි.

ප‍්‍රදේශයේ පාසලක 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන වින්දිත දැරිය පාසලට ඇරලවීම සහ පාසල නිම වී නිවසට රැගෙන ඒම ඇගේ මව විසින් සැකකාර ත‍්‍රිරෝද රථ රියදුරුට භාර දී තිබේ. දැරිය පාසල නිමවීමෙන් පසුව නිවස වෙත ගෙනෙන අතරතුරදී සැකකරුගේ නිවසට කැදවාගෙන ගොස් ඇයව අතවරයට ලක්කිරීමට සැකකරු හුරු වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. දැරිය කෙලෙසීමෙන් පසුව ඇය අතට රුපියල් පනහක මුදලක් ලබා දී මෙම සිදුවීම අනාවරණය නොවීමට සැකකරු විසින් කටයුතු කර ඇති බවද පොලිසිය කියයි. මේ අයුරින් මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ සහ අවස්ථා ගණනාවකදී සැකකරු විසින් දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඇති බවද හෙළි වී තිබේ.

වින්දිත දැරිය විසින් සැකකරුගේ ත‍්‍රිරෝද රථයෙන් පාසල් යාමට නොහැකි බවට සහ තම රහස් ප‍්‍රදේශයන්හි ඇති වේදනාවන් පිළිබදව අවස්ථා කිහිපයකදී ඇයගේ මවට පවසා ඇති නමුත්, ඇගේ මව විසින් ඒ පිළිබදව සැලකිල්ලක් නොදක්වා දිගින් දිගටම දැරිය සැකකරුගේ ත‍්‍රිරෝද රථයෙන් පාසල් යැවීමට කටයුතු කර තිබේ. සැකකාර ත‍්‍රිරෝද රථ රියදුරුගෙන් තමන්ට සිදුවන හිරිහැර පිළිබදව දැරිය විසින් ඇගේ නැන්දනියකට දැනුම් දී ඇති අතර ඇය විසින් ඒ බව පොලිසියට දැනුම්දීමත් සමග පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබේ. දැරියගෙන් ලබාගත් තොරතුරුවලට අනුව ඕ වෛද්‍ය පරීක්ෂණයකටද යොමුකර ඇති අතර එහිදී ඇය බරපතල ලෙස අපයෝජනයට ලක් වී ඇති බව තහවුරු වී තිබේ. සැකකරුගේ බිරිද විදේශ ගතවී සිටින බැවින් ඔහු පමණක් තනිව නිවසේ වෙසෙන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව දෙසැම්බර් 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතාගේ උපදෙස් මත, එහි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි, පොලිස් පරීක්ෂිකා නදීකා මහත්මියගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article