Thursday, April 18, 2024

මැල්සිරිපුර, දොඩම්ගස්ලන්ද පාරේ .. ලයිට් කණු වයර්වල එල්ලේ !

Must read

adapola_light_kanu

මැල්සිරිපුර – දොඩම්ගස්ලන්ද මාර්ගයට සමගාමීව ඉදිකර ඇති අධිබල විදුලි රැහැන් පද්ධතියේ කණු ගණනාවක්, පස් බුරුල් වී පසෙකට ඇලවී තිබීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් කරන ජනතාව දැඩි අනතුරුදායක තත්වයකට මුහුණ දී සිටිති.

දැනට වසරකට ආසන්න කාලයක් තිස්සේ ඇලවෙමින් තිබෙන මෙම විදුලි කණුවල ඇති අනතුරුදායක බව පිළිබදව ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇති නමුත් එය යථා තත්වයට පත්කිරීමට විදුලිබල මණ්ඩලය විසින් කටයුතු නොකළ බවද ප‍්‍රදේශවාසීහු කියති. ආදාපොල සහ උඩකැන්දවල වැනි ප‍්‍රදේශවල සිටුවා ඇති ඇතැම් විදුලි කණු සීඝ‍්‍ර ලෙස පැත්තකට ඇලැවී ඇති අතර එම කණු බිම ඇදනොවැටී පවතින්නේ ඒවාට සම්බන්ධ කර ඇති විදුලි රැහැන්වල ආධාරයෙන් බව දැකගත හැකිය. දිනකට වාහන සිය ගණනක් සහ දහස් ගණනක ජනතාවක් එහා මෙහා ගමන් කරන මැල්සිරිපුර – දොඩම්ගස්ලන්ද මාර්ගය මතට අධිබල විදුලිය සහිත රැහැන් කණවක් කඩා වැටුණහොත් විශාල ජීවිත අනතුරක් සිදුවිය හැකි බවද ජනතාව කියති. එබැවින් දැඩි අවදානම් තත්වයකට පත් වී ඇති මෙම විදුලි කණු කඩිනමින් පිළිසකර කර යථා තත්වයට පත්කර දෙන ලෙසට මැල්සිරිපුර – දොඩම්ගස්ලන්ද භාවිතා කරන ජනතාව ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.

මේ පිළිබදව ගොකරැල්ල විදුලි අධිකාරි එම්. ජී. ජී. එස්. ගමගේ මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ තම බල ප‍්‍රදේශය තුළ ඇල වී ඇති විදුලි කණු 200 කට වඩා පවතින බවත්, විදුලිබල මණ්ඩලය සතු සීමිත සම්පත් යොදවා ඒවා පිළිසකර කරමින් සිටින බවද පැවැසීය. කෙසේවෙතත් මැල්සිරිපුර – දොඩම්ගස්ලන්ද පාරේ පිහිටි යම් විදුලි රුහැන් කණුවක් අනතුරුදායක බවට ජනතාවගෙන් පැමිණිල්ලක් ලැබෙන්නේ නම් එය පිළිසකර කර දිය හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

adapola_light_kanu_1

adapola_light_kanu_2

adapola_light_kanu_3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article