Thursday, April 25, 2024

බොදු ගීයක් අහන්න, දෙසැම්බර් 01 වැනිදා රිදී විහාරයට එන්න !

Must read

bodu_gee_ridee_viharaya

ටවර් හෝල් පදනමේ ශිල්පීන් සහ ශිල්පිනියන් විසින් ඉදිරිපත් කරන බොදු ගී ගායනා ප‍්‍රසංගයක් අනිද්දා (දෙසැම්බර් 01 වැනිදා ) පස්වරු 1.30 ට ඓතිහාසික රිදී විහාර පුදබිමේදී පැවැත්වෙයි.

විජේරත්න වරකාගොඩ, මැණිකේ අත්තනායක, ක‍්‍රිස්ටෝපර් පෝල්, සදුන් විජේසිරි, සුරියකුමාර් මුත්තලගේ, අනුලා බුලත්සිංහල, රූපා ඉන්දුමතී, උදේනි චන්ද්‍රසිරි, තිස්ස ජයවර්ධන, ශ‍්‍රී ලාල් අබේකෝන්, කාංචනමාලා මහවිතාන, නිමල් ජයසිංහ, සූරියරාණි පෙරේරා, රංජනී පෙරේරා, ආර්. ජී. සිරිවර්ධන, දිමිත‍්‍රා රත්නායක, නිහාල් සිරිසේන, සමන්ලතා හෙට්ටිආරච්චි, වසන්ත විජේසිංහ, මියුරි සමරසිංහ, ඩීමන් හෙට්ටිආරච්චි, එම්. ජී. චන්ද්‍රලතා, නිරෝධවංශ රත්නායක සහ චන්දන විජේමාන්න ඇතුලු ශිල්පීන් 60 දෙනෙකු පමණ මෙම ප‍්‍රසංගයේදී ගී ගැයීමට නියමිතව සිටිති.

ප‍්‍රසංගය මෙහෙයවීම කුමාරි පෙරේරා සහ ගාමිණී මෙරින්නගේ යන ශිල්පීන් දෙපළ විසින් සිදුකරන අතර ගුවන්විදුලි වාදක මණ්ඩලය විසින් ප‍්‍රසංගය සංගීතවක් කරනු ලබයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article