Thursday, April 25, 2024

දවල්ටත් පත්තුවෙන කුරුණෑගල වීදි පහන්

Must read

wilgoda_light

විදුලිය අරපිරිමැස්ම පිළිබදව ජනතාව හුරුකරවීමට රජය මගින් වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති නමුත් මෙරට ඇතැම් රාජ්‍ය ආයතන විදුලිය අරපිරිමැස්ම සදහා කෙතරම් උනන්දුවන්නේදැයි ඇත්තේ ගැටලුවකි. ඒ සදහා ආසන්නතම උදාහරණය ඊයේ (03 දා) කුරුණෑගලදී දැකගත හැකිවිය.

කුරුණෑගල පුවක්ගස් හන්දියේ සිට විල්ගොඩ හරහා යන්තම්පලාව දක්වා දිවෙන මාර්ගයේ සවිකර ඇති වීදි පහන් පද්ධතිය ඊයේ දිනය පුරාම ක‍්‍රියාත්මකව තිබූ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි. කුරුණෑගල මහ නගර සභාව විසින් නඩත්තු කරනු ලබන මෙම වීදි ලාම්පු පද්ධතියට අයත් විස්සකට ආසන්න විදුලි ලාම්පු ඊයේ  දිවා කාලයේදීත් නොනිවී දැල්වෙමින් තිබිණි. පැය 36 කට වැඩි කාලයක් අඛණ්ඩව දැල්වෙන්නට ඇතැයි සැකකළ හැකි මෙම මෙම වීදි පහන් ක‍්‍රියාවිරහිත කර තිබුණේ අද (04 දා) උදෑසන කාලයේදීය.

wilgoda_light_2

wilgoda_light_3

- Advertisement -spot_img

More articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article