Friday, April 19, 2024

සෞඛ්‍යයට වැඩි සැලකිලි, සමූපෙට අඩු සැලකිලි එක්ක 2018 වයඹ අයවැය එයි.

Must read

 

nwp_buget_2017_1

2018 වර්ෂය සදහා වන වයඹ පළාත් සභාවේ අයවැය කෙටුම්පත පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් අද  (05 දා ) උදෑසන වයඹ පළාත් සභාවට ඉදිරිපත් කළේය.

හයවැනි වයඹ පළාත් සභාවේ සිව්වැනි මෙන්ම අවසන් අයවැයද වන එම අයවැය ලේඛණය ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායක මහතා විසින් වයඹ පළාත් සභාව වෙත ඉදිරිපත් කළ තෙවැනි අයවැයද වෙයි.

වයඹ පළාත් සභාවේ 2018 අයවැය ලේඛණයෙන් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට වන අතර එම මුදල රුපියල් මිලියන 675 ක් වෙයි. වයඹ පළාතේ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් මිලියන 469 ක්ද, මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 400 ක්ද මෙවර අයවැයෙන් වෙන්කර තිබේ. වයඹ පළාත් සභාවේ 2018 සදහා වන අයවැයෙන් අඩුම මුදල වෙන්කර ඇත්තේ සමූපකාර සංවර්ධනය වෙනුවෙන් වන අතර එම මුදල රුපියල් මිලියන 2 කි.

රුපියල් මිලියන 37955.3 ක ලැබීම් ඇස්තමේන්තුවක් සහිත 2018 වර්ෂය සදහා වන අයවැය කෙටුම්පතෙහි, රජයේ ප‍්‍රදාන , සංවර්ධන කාර්යයන් සදහා වන ප‍්‍රදාන, ප‍්‍රදාන නොවන වෙනත් ලැබීම් සහ අභ්‍යන්තර ගණුදෙණු මගින් පළාත් සභාව ලැබීමට අපේක්ෂා කරන මුදල රුපියල් මිලියන 28665.3 කි. මීට අමතරව අපේක්ෂිත ආදායම් ලෙස රුපියල් මිලියන 9290 ක මුදලක් උපයාගැනීමට බලාපොරොත්තු වන වයඹ පළාත් සභාව ඉන් වැඩිම මුදල වන රුපියල් මිලියන 4950 ක මුදලක් ඉපයීමට බලාපොරොත්තු වන්නේ රජයේ ආදායම් මාරුකිරීම්වලිනි. එම මුදලට, මධ්‍යම රජය විසින් එකතුකොට පළාත් සභාව වෙත ලබාදෙන ජාතිය ගොඩනැගීමේ බද්ද හරහා රුපියල් මිලියන 3150 ක්, මුද්දර බද්ද හරහා රුපියල් මිලියන 1400 ක් සහ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු වශයෙන් රුපියල් මිලියන 400 ක්ද ඇතුළත්ය. මීට අමතරව අපේක්ෂිත ආදායම් යටතේ වාහන ආදායම් බලපත‍්‍ර ගාස්තු වශයෙන් රුපියල් මිලියන 1208ක්, මත්පැන් බලපත‍්‍ර ගාස්තු මගින් රුපියල් මිලියන 166 ක්, දේපළ පැවරීමේ මුද්දර ගාස්තු මගින් රුපියල් මිලියන 2000 ක්ද, උසාවි දඩ ලෙස රුපියල් මිලියන 400 ක් සහ වෙනත් ආදායම් ලෙස රුපියල් මිලියන 566 ක්ද පළාත තුළින් උපයාගැනීමට වයඹ පළාත් සභාව බලාපොරොත්තු වෙයි.

2017 වෙනුවෙන් වයඹ පළාත් සභාවේ පුනරාවර්තන වියදම්වල එකතුව රුපියල් මිලියන 31578.2 ක් වන අතර එම මුදල සමස්ත අයවැයෙන් 83% ක් වෙයි. පුනරාවර්තන වියදම්වලින් වැඩිම මුදල වෙන්කර ඇත්තේ පළාත් සභාවේ පුද්ගල පඩිනඩි ගෙවීම්වලට වන අතර එම මුදල රුපියල් මිලියන 31281.4 කි. මීට අමතරව වෙනත් පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 297 ක මුදලක්ද වෙන්කරනු ලැබ තිබේ. වාහන මිලදී ගැනීම සහ කුලී වාරික ගෙවීම, පළාත් අමාත්‍යංශ සංවර්ධන යෝජනා, පළාත් සභා මන්ත‍්‍රිවරුන්ගේ සංවර්ධන යෝජනා ඇතුලු මූලධන වියදම් යටතේ පළාත් සභාව විසින් වැයකිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 6377.1 කි.

nwp_buget_2017_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article