Friday, April 19, 2024

කුඩ්ඩන් කූඩු කිරීමෙන් කුරුණෑගල අපරාධ අඩුවෙලා !

Must read

kurunegala_Crime_down

කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා වන අපරාධ ප‍්‍රමාණය, පසුගිය වසරට වඩා සියයට තිහක ප‍්‍රමාණයකින් අඩු වී ඇති බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ දත්තවලින් අනාවරණය වෙයි.

ඒ අනුව 2017 අගෝස්තු 31 වැනි දින දක්වා කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇති මුලූ අපරාධ ගණන 239 කි. ඒ පුද්ගල අපරාධ 23 ක් සහ දේපල පිළිබද අපරාධ 216 ක් වශයෙනි. 2016 අගෝස්තු 31 වැනි දින දක්වා කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයෙන් පුද්ගල අපරාධ 47 ක් සහ දේපල පිළිබද අපරාධ 261 ක් වාර්තා වී ඇති අතර එම අපරාධවල මුලු එකතුව 308 ක් වෙයි. 2016 වසරේදී වාර්තා වී ඇති බරපතල තුවාල සිදුකිරීමේ අපරාධ 07 ක්, 2016 දී 04 දක්වා අඩු වී ඇති අතර, 2016 දී වාර්තා වූ පිහියා ආදියෙන් තුවාල සිදුකිරීමේ අපරාධ 27 ක් 2017 දී 07 දක්වා අඩු වී තිබේ.

2016 වසරේදී ගෙවල් බිදුම් අපරාධ 99 ක් සහ කොල්ලකෑම් 44 ක් වාර්තා වී ඇති අතර එය 2017 දී පිළිවෙලින් 67 ක් සහ 26 ක් දක්වා අඩු වී තිබේ. එමෙන්ම රුපියල් 25000 ට වැඩි දේපල සොරාගැනීමේ අපරාධ 53 ක් 2016 වසරේ අගෝස්තු 31 දක්වා කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇති නමුත් 2017 අගෝස්තු 31 දක්වා වාර්තා වී ඇත්තේ එවැනි අපරාධ 34 ක් පමණි.

හෙරොයින් භාවිතා කිරීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පුද්ගලයින් 55 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව, අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටීම කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශය තුළ අපරාධ අඩුවීමට ප‍්‍රධානම හේතුව බවට පත් වී ඇති බව පොලිසිය කියයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article