Thursday, April 25, 2024

රැකියාව රැකදෙන්නැයි ඉල්ලා රාගෙදර පතල් කම්කරුවෝ පොළව යට උපවාසයක ( VIDEO )

Must read

ragedara_protest

තම රැකියා සුරක්ෂිත කරන ලෙසට ඉල්ලමින් මැල්සිරිපුර, රාගෙදර පතළේ සේවයේ නියුතු පතල් කම්කරුවන් පිරිසක් පොළව මතුපිට සිට අඩි 183 ක් පමණ ගැඹුරින් පිහිටි මිනිරන් දෝනාවක බැස ඊයේ ( 29 දා) සිට අඛණ්ඩ උපවාසයක යෙදී සිටිති.

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි රාගෙදර පතළ වසා දැමීමට සහ තම සේවය අවසන් කිරීමටත් එහි පාලනාධිකාරිය විසින් තීරණය කර ඇති බව උපවාසයේ නිරත සේවකයෝ වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත පැවසූහ. පතල වසා දැමීමේ තීන්දුව අහෝසිකර සිය සේවය සුරක්ෂිත වන බවට සහතිකයක් ලැබෙන තෙක් මෙම උපවාසය අත්නොහරින බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

දුෂ්කර ගමනක යෙදෙමින් රාගෙදර පතළ අභ්‍යන්තරයට ගොස් මිහිතුළ උපවාසයේ යෙදී සිටින සේවකයින් හමුවීමට වයඹ ටුඩේ කණ්ඩායම කටයුතු කළ අතර එහි වීඩියෝ දර්ශණ පහත දැක්වෙයි. රාගෙදර පතල් සේවක උපවාසය  පිළිබදව නවතම තොරතුරු එසැණින් යවත්කාලීන කිරීමට වයඹ ටුඩේ ප්‍රවෘත්ති කණ්ඩායම සූදානමින් සිටී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article