Thursday, April 25, 2024

රම්බඩගල්ල සෙල් පිළිමයට දිරිය, සවිය දුන් ඊශ්වරන් දිවි ගමන නිමකරයි.

Must read

eshwaran death

eshwaran

දේවනායගම්  ඊශ්වරන් මහතා

මෑත යුගයේදී මෙරට සිදු වූ සුවිසල්ම පිළිම කර්මාන්තය වන රම්බඩගල්ල, මොණරාගල සෙල් පිළිම වහන්සේ නෙලීමේ කාර්යය පිටුපස සිටි සුවිසල් චරිතයක් වන දමිළ ව්‍යාපාරික දේවනායගම්  ඊශ්වරන් මහතා අද (06 දා) පස්වරුවේ සිංගප්පූරුවේදී අභාවප්‍රාප්ත විය.

රම්බඩගල්ල පිළිමය නෙලීම සදහා එගොඩමුල්ලේ අමරමෝලි මහ නායක හිමියන් තීරණය කළ අවස්ථාවේදී ඒ සදහා ඉන්දියානු ශිල්පීන් සොයාදීමට මුල්වූයේ ඊශ්වරන් මහතාය. ඒ අනුව ඉන්දියානු මූර්ති ශිල්පි එම්. ස්තුපති මහතා ඇතුලු කණ්ඩායම අමරමෝලි මහ නායක හිමියන්ට මුණගස්වන්නේ ඊශ්වරන් මහතා විසිනි. එතැන් සිට මිය යන මොහොත දක්වාම ඊශ්වරන් මහතා විසින් මොණරාගල සෙල් පිළිම වහන්සේ වෙනුවෙන් සිය ධනය, ශ්‍රමය සහ කාලය අපමණව කැපකළේය. හින්දු ආගම ඇදහූ දමිළ ජාතිකයෙකු වුවත් මොණරාගල සෙල් පිළිම වහන්සේ නෙලීම වෙනුවෙන් දැඩි කැපවීමක් සහ උනන්දුවක් දැක් වූ ඒ මහතා එම කාර්යය වෙනුවෙන් අමරමෝලි නාහිමියන් සමග ආරම්භයේ සිටම කටයුතු කළ කිහිපදෙනාගෙන් අයෙකුද වෙයි.

ඊශ්වරන් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස  කටයුතු කළ ඒ මහතා මුරුසියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කලක් කටයුතු කළේය. අසනීප තත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි  ඊශ්වරන් මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වන විට 75 හැවිරිදි වියෙහි පසුවිය. 1942 අගෝස්තුවේ ඉන්දියාවේදී උපන් ඊස්වරන් මහතා මුලික අධ්‍යාපනය ලැබුවේ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙනි. මදුරාසි විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධරයෙක්ද වන ඒ මහතා වෙත පසුගිය වසරේදී දේශබන්දු සම්මානය පිරිනැමිණි.

ඊශ්වරන් මහතා ඇදහූ හින්දු ආගමට අනුව ඔහුගේ ආත්මයට ශාන්තියත්, බුදු දහමට අනුව අමාමහ නිවන් සුවයත් අත්වේවා යැයි මෙරට සමස්ත බොදු ජනතාව සමග එක්ව වයඹ ටුඩේ වෙබ් අඩවිය ප්‍රාර්ථනා කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article