Saturday, April 20, 2024

අශෝක්ගේ කරට අත දමාගෙන ෆිලිෂියන් නගරාධිපති සටන අරඹයි.

Must read

 

filician

කුරුණෑගල මහ නගර සභා එජාප අපේක්ෂක නීතිඥ ෆිලීෂියන් පෙරේරා මහතා සිය මැතිවරණ ව්‍යාපාරය පසුගිය 04 වැනිදා නිල වශයෙන් ආරම්භ කළේය.

‘‘ එකට එක් වී ගොඩනගමු අපේ පුරවර – අභිමානවත් නගරයේ නගරාධිපති ධූරයට ෆිලීෂියන් පෙරේරා “ යන තේමාව සහිතව ෆිලීෂියන් පෙරේරා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීම විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ එජාප මැති ඇමැතිවරුන්  වන අකිල විරාජ්, ගාමිණී ජයවික්‍රම, එස්. බී. නාවින්න, ජේ. සී. අලවතුවල සහ තුෂාර ඉදුනිල් ඇතුලු පිරිසක්ද සහභාගි වී සිටියහ. නගරාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ෆිලීෂියන් පෙරේරා මහතා සමග ගැටුමක යෙදී සිටි නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතාද මෙම උත්සවයට සහභාගි වී සිටියේය. කුරුණෑගල මහ නගර සභාවට තරග වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් පිරිසක්ද මෙම උත්සවයට එක් වී සිටියහ.

මෙම උත්සවයේ අවස්ථා කිහිපයක් පහතින් දැක්වෙයි.

filician_1 filician_2 filician_3 filician_4 filician_5 filician_6 filician_10 filician_11 filician_7 filician_8 filician_9

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article