Friday, April 19, 2024

කුරුණෑගල නව රදගුරු හිමියෝ ආසනාරූඪ කෙරෙති.

Must read

new_bishop

ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ හයවැනි රදගුරු හිමිපාණන් ලෙස වන්දනීය දේවප‍්‍රිය කීර්තිසිරි ප‍්‍රනාන්දු අනුනායක පියතුමා ආසනාරූඪ කිරීමේ විශේෂ දේව මෙහෙය කුරුණෑගල ක‍්‍රිස්තු රජිද මුල් දෙව් මැදුරේදී පෙරේදා (06 දා) උත්සවාකාරයෙන් පැවැත්විණි.

මෙම දේව මෙහෙය සදහා ලංකා සභාවේ කොළඹ රදගුරු ඩිලෝරාජ් කනගසබේ, කැන්ටබරි අග‍්‍රරාජගුරු ප‍්‍රසාදීන් වහන්සේගේ නියෝජිත රදගුරු ඉයන් අර්නස්ට්, මෙල්බෝන් අගරදගුරු පිලිප් ෆිරර් යන රදගුරුතුමන්ලා ඇතුලු දෙස් විදෙස් රදගුරුවරුන් සහ කිතුණු පූජකවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. නව රදගුරුතුමන් ආසනාරූඪ කිරීමේ අවස්ථාවට සත්කෝරළ මහ දිසාවේ උප ප‍්‍රධාන සංඝනායක මහගල්කඩවල පුඤ්ඤසාර හිමියන් ඇතුලු මහා සංඝරත්නයද සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.

දේව මෙහෙය අතරතුරදී ඩිලෝරාජ් කනගසබේ අගරදගුරුතුමන් ඇතුලු රදගුරුවරුන් විසින් දේවප‍්‍රිය කීර්තිසිරි ප‍්‍රනාන්දු අනුනායක පියතුමන් වෙත රදගුරු හිස්වැස්ම ඇතුලූ පැළදුම් පිරිනමා එතුමන් කුරුණෑගල දියෝකීසියේ නව රදගුරු හිමිපාණන් ලෙස ආසනාරූඪ කළහ. ඉන් අනතුරුව කතෝලික සම්ප‍්‍රදායන්ට අනුව එම තනතුරේ දිවුරුම්දුන් නව රදගුරුතුමන් ඉන් අනතුරුව සිය ශ‍්‍රාවක පිරිසකගේ පා සේදීමේ සම්ප‍්‍රදායනුකූල චාරිත‍්‍රයද ඉටුකළේය. දේව මෙහෙය අවසන්වීමෙන් අනතුරුව එළිමහන් පීඨිකාවකදී දේවප‍්‍රිය කීර්තිසිරි ප‍්‍රනාන්දු නව රදගුරුතුමන් විසින් ජනතාවගේ සුබපැතුම් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල, රාජ්‍ය නිලධාරිහු සහ කුරුණෑගල දියෝකීසියට අයත් මීසම් නියෝජනය කරමින් පැමිණි කතෝලික බැතිමතුන් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ. වයඹ ටුඩේ කැමරාවේ සටහන් වූ දේව මෙහෙයෙහි  විශේෂ අවස්ථා කිහිපයක් පහත දැක්වෙයි.

new_bishop_1

new_bishop_16

new_bishop_15

new_bishop_4

new_bishop_3

new_bishop_2

new_bishop_5

new_bishop_7

new_bishop_18

new_bishop_17

new_bishop_6

new_bishop_8

new_bishop_11

new_bishop_9

new_bishop_10

new_bishop_20

new_bishop_12

new_bishop_13

new_bishop_14

new_bishop_19

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article