Thursday, April 25, 2024

මැල්සිරිපුර ජවිපෙ කාර්යාලයකට ප්‍රහාරයක්.

Must read

jvp_office_attck_mal

මැල්සිරිපුර, ලේනව පාරේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ කාර්යාලයකට අද  (14 දා) අළුයම් කාලයේදී  ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙලෙස ප්‍රහාරයට ලක් වී ඇත්තේ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවවට අයත් අඹන්පොල කොට්ඨාශය සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් තරග වදින එච්. ඒ. වික්‍රමරත්න මහතාගේ මැතිවරණ කාර්යාලයකටය.

ප්‍රහාරයට පැමිණි පිරිස විසින් එම කාර්යාලයේ සවිකර තිබූ මැතිවරණ ප්‍රචාරක පුවරු කිහිපයක් කපා දමා ඇති අතර එහි තිබූ තවත් සැරසිලි කිහිපයකටද අලාභහානි කර තිබේ. කපා දැමූ ප්‍රචාරක පුවරුවල කොටස් යාබද පිහිටි ළදු කැලෑවකට විසිකර දමා ගොස් තිබේ. තම ආධාරකරුවන් කිසිවෙකුත් කාර්යාලය තුළ රැදී නොසිටි අවස්ථාවක එහි කඩා වැදුණු පිරිසක් විසින් ඊට අලාභහානි කර ඇති බව ජවිපෙ අපේක්ෂක එච්. ඒ. වික්‍රමරත්න මහතා වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත පැවැසීය.

ගොකරැල්ල පොලිසිය ප්‍රහාරය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

jvp_office_attck_mal_3

jvp_office_attck_mal_1

jvp_office_attck_mal_4

jvp_office_attck_mal_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article