Saturday, April 20, 2024

යතුරු කටට කතුර දමා මෝපෙඩ් බයිසිකල් උස්සන හැටි මෙන්න ! (VIDEO)

Must read

moped_bike_robbery

මෝපෙඩ් වර්ගයේ සැහැල්ලු යතුරුපැදි සොරකම් කිරීමේ යෙදී සිටි බව කියන ආබාධිතයෙකු ඇතුලු තිදෙනෙකු සහ ඔවුන් විසින් සොරකම් කර තිබූ යතුරුපැදි 23 ක් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අද (17 දා) අත්අඩංගුවට ගනු ලැබීය.

ව්‍යාජ රිසිට්පත් උපයෝගී කරගනිමින් නාත්තණ්ඩිය ප‍්‍රදේශයේ පිහිටි යතුරුපැදි එකලස් කරන ආයතනයට විකුණා තිබූ ඇන්ජින් ධාරිතාව 49 සී සී කාණ්ඩයේ සැහැල්ලු යතුරු පැදි 23 ක් මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ. එම යතුරුපැදි කුලියාපිටිය, හෙට්ටිපොල, බිංගිරිය, ගිරිඋල්ල, පන්නල, මීරිගම, කොබෙයිගනේ සහ හලාවත ඇතුලු ප‍්‍රදේශවලින් සොරකම් කළ ඒවා බව පොලිසිය කියයි.

රාත‍්‍රී මුර සංචාරයක යෙදී සිටි කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් මෝපෙඩ් වර්ගයේ යතුරුපැදියක් තල්ලුකරගෙන යන අයෙකු දැක ඇති අතර, ඔහුගේ හැසිරීම පිළිබදව සැක සිතූ පොලිස් නිලධාරින් විසින් කළ ප‍්‍රශ්නකිරීම්වලදී මෙම ජාවාරමේ සුලමුල හෙළි වී තිබේ. එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව අනෙකුත් සැකකරුවන් සහ යතුරුපැදි තොගයද පොලිසිය විසින් සොයාගෙන තිබිණ. නාත්තණ්ඩිය, තුම්මෝදර සහ ලුණුවිල ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ආබාධිතයෙකු සහ මත්කුඩුවලට ඇබ්බැහිවූවෙකුද වන බව පොලිසිය කියයි.

නිවෙස්වල නවතා තිබියදී මෙන්ම ජනාකීර්ණ ස්ථානවල නවතා තිබියදීත් සැකකරුවන් විසින් යතුරුපැදි සොරකම් කර ඇති බවත්, ඇතැම් අවස්ථාවලදී කම්බි වැටවල් පවා කපා දමා යතුරුපැදි සොරාගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. රෙදි කැපීමට භාවිතාකරන යතුරක ආධාරයෙන් ස්විචය කරකවා යතුරු පැදි පණගැන්වීමෙන් අනතුරුව ඒවා රැගෙන පලාගොස් තිබේ. කතුරක ආධාරයෙන් පහසුවෙන් පණගැන්වීමට හැකිවීමත්, මෝපෙඩ් වර්ගයේ යතුරුපැදියක් වෙනුවෙන් අවශ්‍ය කෙරෙන නීත්‍යානුකුල ලියැකියැවිලිවල අවමවීම හේතුවෙන් ප්‍රවාහනය කිරීම සහ විකිණීම පහසුවෙන් කළ හැකිවීම හේතුවෙන් සැකකරුවන් විසින් මෝපෙඩ් වර්ගයේ යතුරුපැදි පමණක් සොරකම් කිරීමට හුරු වී සිටි බව පොලිසිය කියයි.

කුලියාපිටිය පොලිස් අධිකාරී ඔශාන් හේවාවිතාරන, සහකාර පොලිස් අධිකාරී ජාලිය හීන්කෙන්ද, මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ප‍්‍රදීප් සෝමතිලක හා උප පොලිස් පරීක්‍ෂක වික‍්‍රමනායක යන මහත්වරුන්ගේ මෙහෙයවීමන් පොලිස් සැරයන් සෙනවිරත්න(33604) , පියරත්න(20626), ජයකොඩි(52609), කරුණාරත්න (32644), පොලිස් කොස්තාපල් වීරසේකර(35826), ප‍්‍රියශාන්ත(36230), සුමේධ(36232), ප‍්‍රියදර්ශන(53311), චමිල(37525), රෝහණ(57893), ආනන්ද(49077), මදුසංඛ(74898), නිහාල්(21497) ,අනුර (2007) සහ කාන්තා පොලිස් කොස්තාපල් වික‍්‍රමසිංහ(3086) යන නිළධාරීහු විසින් වැටලීම සිදුකළහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article