Tuesday, April 23, 2024

නව සැසිවාරය ඇරඹුණු දිනයේදීවත් වයඹ මන්ත‍්‍රීවරු සභාවට ඇවිත් නෑ.

Must read

nwp _new _seson

හයවැනි වයඹ පළාත් සභාවේ දෙවැනි සැසිවාරය ඊයේ (16 දා) උත්සවශ‍්‍රීයෙන් ආරම්භ කෙරුණු නමුත් වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් ඊයේ දිනයේදීත් සභා රැස්වීමට සහභාගි වී නොසිටීම කැපීපෙණිනි.

හයවැනි වයඹ පළාත් සභාවේ දෙවැනි සැසිවාරය පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16 දා) ආරම්භ විය. ඊයේ උදෑසන වයඹ පළාත් සභා සංකීර්ණය වෙත පැමිණි ආණ්ඩුකාරවරිය, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ඇතුලූ මැති ඇමැතිවරුන් විසින් පිළිගත්හ. අනතුරුව ජාතික කොඩිය සහ වයඹ පළාත් කොඩිය එසවීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරිය වෙත පොලිස් උත්තමාචාරයක්ද පිරිනැමිණි. එම කටයුතු අවසන්වීමෙන් පසුව වයඹ පළාත් සභා ගර්භයේ මුලසුන වෙත ගිය ආණ්ඩුකාරවරිය හයවැනි පළාත් සභාවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් සභාව ඇමතුවාය. ආණ්ඩුකාරවරියගේ කතාවෙන් අනතුරුව වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක සහ විපක්ෂ නායක ශමල් සෙනරත් යන මහත්වරුන් විසින් අදහස් දැක්වීමෙන් අනතුරුව සභාවේ කටයුතු අවසන් කෙරිණි.

නව සැසිවාරයක් ආරම්භ කෙරුණු දිනයක් වූ නමුත් ඊයේ දිනයේදීත් වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් සභා රැස්වීමට සහභාගි වී නොසිටීම හේතුවෙන් මන්ත‍්‍රී අසුන් බොහොමයක් හිස්ව තිබූ අයුරු දැකගත හැකිවිය. වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 52 දෙදෙනෙකු අතරින් ඊයේ පැවැති පළාත් සභා රැස්වීමට සහභාගි වී සිටියේ මන්ත‍්‍රීවරුන් 32 දෙනෙක් පමණි.

nwp_new_seson_1

nwp_new_seson_2

nwp_new_seson_3

nwp_new_seson_4

nwp_new_seson_5

nwp_new_seson_6

වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් සභා රැස්වීමට සහභාගි වී නොසිටීම හේතුවෙන් මන්ත‍්‍රි අසුන් හිස්ව තිබූ අයුරු.

nwp_new_seson_7

nwp_new_seson_8

nwp_new_seson_9

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article