Friday, April 19, 2024

JBC ට්‍රක්රථ මෙරටට හදුන්වාදෙමින් හිමාලි ට්‍රේඩින් මෙහෙයුම් අරඹයි.

Must read

himali_opening_000

චීනයේ ප්‍රමුඛතම ට්‍රක් රථ නිෂ්පාදන සමාගමක් වන JBC සමාගමේ මෙරට අලෙවි නියෝජිතයා වශයෙන් පත්කෙරුණු හිමාලි ට්‍රේඩින් සමාගමේ මෙහෙයුම් කටයුතු පසුගියදා (18 දා) සුබ මොහොතින් ආරම්භ කෙරිණි.

හිමාලි ට්‍රේඩින් සමාගමේ ප්‍රදර්ශණාගාරය අංක 279, කොළඹ පාර, වැහැර යන ලිපිනයේ පිහිටා තිබේ. JBC සමාගමේ මෙරට අලෙවි මෙහෙයුම් ආරම්භ කිරීමේ අවස්ථාවට එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ෂූ යැංක්ව් මහතාද සහභාගි වී සිටියේය. ඒ අනුව චීනයේ නිෂ්පාදිත උසස් තත්වයේ JBC ට්‍රක් රථ මාදිලි කිහිපයක් යටතේ මිලදී ගැනීමට දැන් මෙරට පාරිභෝගිකයින් වෙත අවස්ථාව ලැබී තිබේ.

හිමාලි ට්‍රේඩින් සමාගම විසින් මෙරටට ආනයනය කෙරුණු පළමු JBC ට්‍රක් රථය එහි කලමණාකාර අධ්‍යක්ෂ අජිත් රත්නවීර මහතා විසින් කුරුණෑගල ද නිව් ෆාමසි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ පුෂ්පානන්ද මහතා වෙත අලෙවි කරනු ලැබීය. එස්.බී. නාවින්න, අශෝක් අබේසිංහ, චම්පිකා ප්‍රේමදාස, ජේ. සී. අලවතුවල , ලක්ෂ්මන් වේඩරුව යන මැති ඇමැතිවරුන්, ව්‍යාපාරිකයින්, මූල්‍ය ආයතන නියෝජිතයින් සහ සුබ පතන්නන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ.

හිමාලි ට්‍රේඩින් සමාගමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී වයඹ ටුඩේ කැමරා කාචයෙහි සටහන් වූ ඡායාරෑප කිහිපයක් පහත දැක්වෙයි.

himali_opening_3

himali_opening_7

himali_opening_1

himali_opening_4

himali_opening_6

himali_opening_8

himali_opening_9

himali_opening_11

himali_opening_12

himali_opening_5

himali_opening_10

himali_opening_13

himali_opening_14

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article