Friday, April 19, 2024

ගෙවල් විසි තුනක් බිද කෝටියක රන් බඩු ඉස්සූ හොරෙක් අල්ලයි.

Must read

 

jewellery_rob

පසුගිය සමයේදී කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි ගෙවල් බිදුම් විසි තුනක් සිදුකළ බව කියන පුද්ගලයෙකු සහ ඔහු විසින් සොරකම් කරන ලද පවුම් හතලිහකට වැඩි ස්වර්ණාභරණ තොගයක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශ නිලධාරින් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ගෝනගම, අලුපොතගම, ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සිව්දරු පියෙකි.

කුරුණෑගල, වාරියපොල සහ වීරඹුගෙදර පොලිස් බල ප‍්‍රදේශවල පසුගිය සමයේදී සිදුවූ නිවාස බිද රන් භාණ්ඩ සොරාගැනීමේ අපරාධ විසි තුනක් මෙම පුද්ගලයා විසින් සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මොහු විසින් ගෙවල් බිදුම් සිදුකර ඇත්තේ නිවැසියන් නිවෙස්වල රැදී සිටින රාත‍්‍රි කාලයේදීවීම විශේෂත්වයකි. සොරාගත් රන් භාණ්ඩ සැකකරු විසින්කුරුණෑගල සහ කඩවත ප‍්‍රදේශවල පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැල්වලට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය. පවුම් හතලිහකට වැඩි බරකින් යුත් ස්වර්ණාභරණ ඒ අතර වන බවත්, ඒවායේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවද පොලිසිය කියයි. සූදුවට තදින් ඇබ්බැහි වී සිටින සැකකරු, රන් භාණ්ඩ විකුණා ලබාගත් සියලු මුදල් වැයකර ඇත්තේ කැසිනෝ ගැසීම වෙනුවෙන් බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම නිවාස බිදුම්වලට අමතරව සැකකරු විසින් සිදුකළ බවට සැකකෙරෙන තවත් ගෙවල් බිදුම් දහයකට වැඩි ප‍්‍රමාණයක් පිළිබදවත් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මාස තුනකට වැඩි කාලයක් තිස්සේ සැකකරු පිළිබදව කළ දීර්ඝ විමර්ශණයකින් අනතුරුව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති එම්. ඊ. ඒ. මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් මත, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක මහතාගේ අධීක්ෂණයෙන්, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක මහතා පොලිස් සැරයන් සුසන්ත (39498), පොලිස් කොස්තාපල් ප‍්‍රසන්න (39498), ගාමිණි (58079), අධිකාරි (46604) සහ ටිකිරිබණ්ඩා (58625) යන නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

jewellery_robery_2

jewellery_robery_1

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article