Wednesday, April 24, 2024

ඩියෝ එකෙන් ඇවිත් මාල කැඩූ පින්නවල ඇත්ගොව්වෙක් පොලිසියට මාට්ටු.

Must read

dio_jewellery_robery_1

කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි යතුරු පැදියකින් සැරිසරමින් මාල කැඩීමේ යෙදුණු ඇත් ගොව්වෙකු ඇතුලු පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔවුන් විසින් පැහැරගන්නා ලද රුපියල් ලක්ෂ දහයකට වැඩි වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශ නිලධාරින් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය 18 වැනිදා පස්වරුවේ කුරුණෑගල, මල්කඩුවාව ප‍්‍රදේශයේදී මාලයක් කඩාගැනීම සදහා සූදානම්වෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ රඹුක්කන, ගබ්බල ප‍්‍රදේශයේ සහ කුරුණෑගල කොහිලේගෙදර ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. මින් එක් තරුණයෙකු පින්නවල අලි අනාථාගාරයේ ඇත් ගොව්වවෙකු ලෙස සේවය කරමින් සිටින අයෙකු බව අනාවරණය වී තිබේ. කුරුණෑගල, ගැට්ටුවාන, මල්ලවපිටිය, මල්කඩුවාව සහ පැල්ලන්දෙණිය ඇතුලු ප‍්‍රදේශවලදී පසුගිය මාස 05 තුළ සිදුවූ මාල කඩාගැනීමේ අපරාධ ගණනාවක් මෙම තරුණයින් විසින් සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මොවුන් විසින් මාල කැඩීම සදහා යොදාගත් බව කියන හොන්ඩා ඩියෝ වර්ගයේ යතුරු පැදියක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පැහැරගැනීමෙන් අනතුරුව සැකකරුවන් විසින් ස්වර්ණාභරණ අලෙවිසැල්වලට විකුණා තිබූ මාල 13 ක්ද පොලිසිය විසින් සොයාගනු ලැබීය. පවුම් දහයකට වැඩි බරකින් යුත් ස්වර්ණාභරණ ඒ අතර වන බවත්, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ දහය පමණ ඉක්මවන බවද පොලිසිය කියයි. මෙම පැහැරගැනීම්වලට අමතරව සැකකරුවන් විසින් සිදුකළ බවට සැකකෙරෙන තවත් මාල කැඞීම් ගණනාවක් පිළිබදවද පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ, පොලිස් සැරයන් ප‍්‍රියදර්ශණ (8002), සේනානායක (27361), රත්නායක (36144), බණ්ඩාර (58677), පොලිස් කොස්තාපල් අශෝක (26938), අධිකාරි (46604) සහ වන්නිනායක (79540) යන නිලධාරිහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article