Saturday, April 20, 2024

කුරුණෑගල ගිනි පිට ගිනි. වැව්ගලෙත් මහ ගින්නක් !

Must read

wawgala_fire

පැය දොළහක කාලයක් තුළ කුරුණෑගල නගරාසන්නයේ ඇති වූ හදිසි ගිනිගැනීම් දෙකක් මැඩපැවැත්වීමට කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට අද (25 දා) සිදුවිය.

කුරුණෑගල මහ නගර සභාව විසින් පවත්වාගෙන යන සුන්දරාපොල කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයේ පිහිටි කුණු කන්දේ අද අලුයම හදිසි ගින්නක් ඇතිවිය. අලුයම 12.30 ට පමණ හටගෙන ඇති මෙම ගින්න කෙටි කාලයක් තුළ කුණු කන්දේ අක්කරයක පමණ භුමි ප්‍රදේශයක පැතිරී තිබිණි. කුණු කන්දේ තිබූ අපද්‍රව්‍යවලට ගිනි ඇවිලීම හේතුවෙන් අධික දුමාරයක් සහ දුර්ගන්ධයක් පිට වූ අතර ඒ හේතුවෙන් සුන්දරාපොල සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයකට පත් වී සිටියහ. ගින්න ඇතිවීමෙන් ටික වේලාවකට පසුව එහි පැමිණි කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න පැතිරීම පාලනය කරනු ලැබීය. නමුත් කුණු කන්දේ අභ්‍යන්තරට ගිනි ඇවිලී තිබීම හේතුවෙන් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීම සදහා ගිනි නිවන භටයින්ට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදු වූ අතර, අද පස්වරුව වනවිටත් එම ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා නොතිබිණි.

කුරුණෑගල ගිනි නිවීමේ ඒකකයේ නිලධාරිහු සුන්දරාපොල කුණු කන්දේ ගින්න නිවීමේ මෙහෙයුම්වල යෙදී සිටින අතරතුරදී අද දහවල් 12.30 ට පමණ කුරුණෑගල, වැව්ගල රක්ෂිතයෙහි තවත් ගින්නක් හටගත්තේය. පසුව එහි පැමිණි මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය විසින් පැය දෙකක පමණ කාලයක් තිස්සේ කළ මෙහෙයුමකින් පසුව එම ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමනු ලැබීය. ගින්න නිවාදැමීම සදහා වැව්ගලෙහි පිහිටි විහාරස්ථානයේ වෙසෙන හිමිවරුන්ගෙන්ද මහත් සහයක් ලැබිණි. ගින්නට හසුවීම හේතුවෙන් වැව්ගල රක්ෂිතයෙහි අක්කර දෙකක පමණ කොටසක් දැවී විනාශ වී ගොස් තිබිණි. කිසිවෙකු විසින් දල්වන ලද ගිනි මැලයක් රක්ෂිතය දක්වා පැතිරීමෙන් එම ගින්න හටගන්නට ඇති බවට පොලිසිය සැකකරයි. වැව්ගල රක්ෂිතයෙහි ඇතිව තිබූ ගින්න වයඹ ටුඩේ කැමරා කාචයෙහි මෙලෙස සටහන් විය.

wawgala_fire_6

wawgala_fire_7

wawgala_fire_8

wawgala_fire_1

wawgala_fire_5

wawgala_fire_2

wawgala_fire_4

wawgala_fire_3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article