Saturday, April 20, 2024

කුරුණෑගල, දඹුල්ල පාරේ අද අලුයම අනතුරු වැලක් !

Must read

dambulla _rd_accident

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ස්ථාන කිහිපයකදී අද (30 දා) අලුයම් කාලයේදී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා වාහන හයකට අලාභහානි සිදුවිය.

මැල්සිරිපුර, 15 කණුව ප‍්‍රදේශයේදී අද අලුයම ලොරිරථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. මෙලෙස අනතුරට ලක්වූයේ මොරටුව බලා කුඹුක් ලී කොට තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ රිදීගම ප‍්‍රදේශයේ සිට යකඩ කම්බි තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකි. කොට ලොරියේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් විරුද්ධ දිශාවෙන් ඉදිරියෙන් පැමිණි යකඩ ලොරියේ ගැටී ඇති බවත්, එහිදී කොට ලොරියට පටවා තිබූ ලී කොට බිමට ඇදවැටීමේදී ත‍්‍රිරෝද රථයේ වැදීම නිසා එම රථය එය කාණුවකට විසි වී ගොස් ඇති බවත් පොලිසිය කියයි. එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ඕමාරගොල්ල ප‍්‍රදේශයේදී අද අලුයම් කාලයේදී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරලීමෙන් තුවාල ලැබූ රියදුරු දඹුල්ල රෝහලට ඇතුළත් කෙරිණි. ටිපර් රථ රියදුරුට නින්දයාම හේතුවෙන් එම අනතුර සිදු වී ඇති බවට පොලිසිය සැකකරයි.

එම අනතුර සිදු වූ ස්ථානයට නුදුරු ස්ථානයකදී හාල් තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ සීනි තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද අලුයම තවත් අනතුරක් සිදුවිය. අනතුරට පත් ලොරි රථ දෙක මාර්ගයෙන් ඉවතට පැන එකිනෙක ඇමිණී ඉහළට එසවී තිබූ අයුරු දැකගත හැකිවිය. අනතුරින් තුවාල ලැබූ රියදුරන් දෙදෙනා ගොකරැල්ල දිසා රෝහට ඇතුලත් කරනු ලැබූහ. ගොකරැල්ල පොලිසිය මෙම අනතුරු පිළිබද පරීක්ෂණ සිදුකරයි.

අදාල අනතුරු තුනෙහි වීඩියෝ දර්ශණ පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article