Friday, April 19, 2024

වාරියපොලින් හොර නෝට්ටු මතුවෙයි. දාහේ නෝට්ටු භාවිතයේදී ප්‍රවේශමෙන් !

Must read

wariyapola_fake_notes

රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් මාරු කිරීමට සැරසුණු බව කියන පුද්ගලයින් දෙදෙනෙකු වාරියපොල පොලිසිය විසින් පෙරේදා ( 29 දා) අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වාරියපොල, අවුලේගම ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සහ 18 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. මොවුන් විසින් වාරියපොල, අවුලේගම ප‍්‍රදේශයේදී කළ ගණුදෙණුවක් සදහා ව්‍යාජ නෝට්ටු කිහිපයක් භාවිතාකරමින් සිටින බවට ලද තොරතුරකට අනුව පෙරේදා රාත‍්‍රියේ කළ වැටලීමකදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. S/203/249875 අංකය යටතේ ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබූ රුපියල් දහසේ මුදල් නෝට්ටු පහක් පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම පුද්ගලයින් දෙදෙනා සන්තකයේ තිබූ ගංජා මිලිග‍්‍රෑම් 1120 ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් වෙත මෙම ව්‍යාජ නෝට්ටු ලැබුණේ කෙසේදැයි සහ ඔවුන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සදහා එකතුකර ඇතිදැයි අනාවරණය කරගැනීම සදහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන්, වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බී. ඩී. ගුණසේකර, උප පොලිස් පරීක්ෂක හේරත්, පොලිස් සැරයන් කුමාරසිංහ, පොලිස් කොස්තාපල් හේරත් (5910), දිසානායක (72648) සහ පොලිස් රියදුරු දිසානායක (1652) යන නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

wariyapola_fake_notes_2

wariyapola_fake_notes_1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article