Thursday, April 25, 2024

කුරුණෑගලටත් කලර් ලයිට් !

Must read

kurunegala_colur_light

කුරුණෑගල නගරයේ පවතින අධික වාහන තදබදයට විසදුමක් ලබාදෙමින් නගරය තුළ මාර්ග සංඥා අලෝක පද්ධතියක් සවිකිරීම මේ දිනවල ලහිලහියේ සිදුවෙමින් පවතී.

එහි පළමු අදියර ලෙස කුරුණෑගල, කදුරුගස් හන්දිය ආශ‍්‍රිතව සවිකෙරුණු අලෝක සංඥා පද්ධතියෙහි ඉදිකිරීම් මේ වනවිට අවසන් වී තිබේ. මෙම ආලෝක සංඥා පද්ධතිය වෙනුවෙන් රුපියල් මිලියන 6 ක මුදලක් රජය මගින් වැයකර ඇති අතර කුරුණෑගල නගරයේ ඉදිකෙරෙන සමස්ත අලෝක සංඥා පද්ධතිය වෙනුවෙන් රුපියල් මිලියන 60 ක මුදලක් වැය කිරීමට නියමිතය. කුරුණෑගල ඔරලෝසු කණුව වටරවුම, පුත්තලම් හන්දිය, පුවක්ගස් හන්දිය සහ රජපීල්ල හන්දිය යන ස්ථානවලද ඉදිරි දිනවලදී අලෝක සංඥා සවිකිරීමට නියමිතය. කදුරුගස් හන්දිය ආශ‍්‍රිතව ඉදිකෙරුණු අලෝක සංඥා පද්ධතිය ලබන 6 වැනිදා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අතින් විවෘතවීමට නියමිතව තිබේ.

kurunegala_colur_light_1

kurunegala_colur_light_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article