Friday, April 19, 2024

සියලු පක්ෂ අපේක්ෂකයෝ ලිහිණිවැහැරදී එකම වේදිකාවක.

Must read

lihiniwahara_candidates_2

දේශපාලන වේදිකාවට හුරුපුරුදු මඩ ගසාගැනීම්වලින් මිදී, විවිධ දේශපාලන පක්ෂවලින් පළාත් පාලන මැතිවරණය සදහා තරගවදින අපේක්ෂක පිරිසක් එකම වේදිකාවකදී සිය කොට්ඨාශයේ ජනතාව වෙත තම ඉදිරි වැඩපිළිවෙල පැහැදිලි කළ දුලබ අවස්ථාවක් පසුගියදා දොඩම්ගස්ලන්ද, ලිහිණිවැහැර ගම්මානයේදී දැකගත හැකිවිය.

ලිහිණිවැහැර, ලිහිණි එකමුතු සුබසාධක සංගමයේ ඇරැයුමින් මෙලෙස එකම වේදිකාවකට ගොඩවූයේ දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාශයේ, ලිහිණිවැහැර කොට්ඨාශය නියෝජනය කරමින් තරගවදින අපේක්ෂකයින්ය. මෙම අවස්ථාව සදහා ප‍්‍රධාන දේශපාලන පක්ෂ යටතේ ලිහිණිවැහැර කොට්ඨාශය වෙනුවෙන් තරග වදින කොට්ඨාශ අපේක්ෂකයින් මෙන්ම අතිරේක ලැයිස්තුවෙන් ඉදිරිපත්වන අපේක්ෂක පිරිසක්ද එක් වී සිටියහ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ධනුෂ්ක තෙපුලසිංහ, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් බන්දුල රත්නායක සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විල්බට් කුලතුංග යන මහත්වරුන් කොට්ඨාශ අපේක්ෂකයින් ලෙස මෙම අවස්ථාවට සහභාගි වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා මෙම අවස්ථාවට එක්නොවීය.

තමන්ට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරීපත්වීමේ අවස්ථාව ලැබුණහොත් ලිහිණිවැහැර කොට්ඨාශය වෙනුවෙන් ඉටුකිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙල ගම්වාසීන් වෙත විස්තර කිරීම සදහා විනාඩි දහය බැගින් ඒ ඒ අපේක්ෂකයින්ට ලැබුණු අතර අදාල අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් අපේක්ෂකයෝ සිය ඉදිරි වැඩපිළිවෙල ලිහිණිවැහැර ජනතාව හමුවේ විස්තර කළහ. අපේක්ෂකයින් සියලුදෙනාගේ අදහස් දැක්වීම්වලින් අනතුරුව සිය ගම් ප‍්‍රදේශයේ පවතින අඩුපාඩු සහ මන්ත‍්‍රීවරයෙකුගෙන් ගමට විය යුතු සේවාව පිළිබදවත් ලිහිණිවැහැර ගම්වාසීන් විසින් අපේක්ෂකයින් වෙත පැහැදිලි කළහ. දේශපාලන වේදිකාවේදී සුලබව දැකගත හැකි චරිත ඝාතන, මඩගැසීමේ හෝ අවේගශීලි අදහස් දැක්වීම්වලින් තොරව පැය දෙකකට ආසන්න වේලාවක් පැවැති අපේක්ෂක හමුව සුහදශීලි ලෙස අවසන් විය. තම වැඩපිළිවෙල ජනතාව වෙත ඉදිරිපත් කිරීම සදහා මෙවැනි පොදු අවස්ථාවක් නිර්මාණය කිරීම පිළිබදව වැඩසටහන සදහා සහභාගි වූ සියලු අපේක්ෂකයින් විසින් ලිහිණි එකමුතු සුබසාධක සංගමය වෙත ඔවුන්ගේ ස්තූතිය පිරිනැමූහ.

එම වැඩසටහනෙහි අවස්ථා කිහිපයක් වයඹ ටුඩේ කැමරා කාචයෙහි මෙලෙස සටහන් විය.

lihiniwahara_candidates_3

lihiniwahara_candidates_11

lihiniwahara_candidates_8

lihiniwahara_candidates_9

lihiniwahara_candidates_4

lihiniwahara_candidates_5

lihiniwahara_candidates_6

lihiniwahara_candidates_7

lihiniwahara_candidates_10

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article