Breaking News

Recent Posts

අධිවේගී මගේ ප්‍රගතිය බලන්න රනිල් හදිසියේ කුරුණෑගල එයි.

pm_visit_haighway

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබදව සොයාබැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16 දා) පස්වරුවේ කුරුණෑගලදී හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර යටතේ පොතුහැර සිට කුරුණෑගල දක්වා දේශීය සමාගම් විසින් සිදුකරනු ලබන ඉදිකිරීම් මෙහිදී අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. කුරුණෑගල හේනමුල්ල සහ ගැට්ටුවාන ප්‍රදේශවල පිහිටි වැඩබිම් වෙත ගිය ...

Read More »

මැල්සිරිපුර ජවිපෙ කාර්යාලයකට ප්‍රහාරයක්.

jvp_office_attck_mal

මැල්සිරිපුර, ලේනව පාරේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ කාර්යාලයකට අද  (14 දා) අළුයම් කාලයේදී  ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙලෙස ප්‍රහාරයට ලක් වී ඇත්තේ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවවට අයත් අඹන්පොල කොට්ඨාශය සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් තරග වදින එච්. ඒ. වික්‍රමරත්න මහතාගේ මැතිවරණ කාර්යාලයකටය. ප්‍රහාරයට පැමිණි පිරිස විසින් එම කාර්යාලයේ සවිකර තිබූ මැතිවරණ ...

Read More »

සාමනේර දෙනමකට අතවර කළ හතරලියද්දේ නාරද රක්ෂිතයට.

naradha arrested

අවුරුදු 14 සහ 10 වයස්වල පසුවන ලාබාල සාමනේර භික්ෂූන් වහන්සේ දෙනමක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන චීවරධාරියෙකු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට රම්බඩගල්ල මහේස්ත‍්‍රාත් ජී. එන්. ප‍්‍රියදර්ශණී මහත්මිය ඊයේ (10 දා) නියම කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ බරන්දන, කරදගොල්ල ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙනහි  විහාරාධිපති වශයෙන් කටයුතු කරන ...

Read More »

එක්ලක්ෂ පනස් දහසක මාසික කුලියට ගත් මිල්ලව නිවසක කසිප්පු පෙරලා !

millawa_kasippu

කුරුණෑගල , මිල්ලව ප්‍රදේශයේ සුඛෝපභෝගි දෙමහල් නිවසක ගෑස් භාවිතා කරමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු පෙරුම්පොළක් වටලා පෙරුම් උපකරණ, ලොරි රථයක් සහ ගෝඩා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අලව්ව පොලිසියේ නිලධාරිහු විසින් ඊයේ  ( 09 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය. කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක මහතාට ලැබී තිබූ තොරතුරකට අනුව ...

Read More »

කුරුණෑගල නව රදගුරු හිමියෝ ආසනාරූඪ කෙරෙති.

new_bishop

ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ හයවැනි රදගුරු හිමිපාණන් ලෙස වන්දනීය දේවප‍්‍රිය කීර්තිසිරි ප‍්‍රනාන්දු අනුනායක පියතුමා ආසනාරූඪ කිරීමේ විශේෂ දේව මෙහෙය කුරුණෑගල ක‍්‍රිස්තු රජිද මුල් දෙව් මැදුරේදී පෙරේදා (06 දා) උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙම දේව මෙහෙය සදහා ලංකා සභාවේ කොළඹ රදගුරු ඩිලෝරාජ් කනගසබේ, කැන්ටබරි අග‍්‍රරාජගුරු ප‍්‍රසාදීන් වහන්සේගේ නියෝජිත රදගුරු ඉයන් අර්නස්ට්, මෙල්බෝන් අගරදගුරු ...

Read More »

පල්ලියට, පන්සලෙන් සුබ පැතුම් !

bishop_thero_1

ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ අභිනව රදගුරු හිමිපාණන් ලෙස වන්දනීය දේවප‍්‍රිය කීර්තිසිරි ප‍්‍රනාන්දු අනුනායක පියතුමා ආසනාරූඪ කිරීමේ විශේෂ දේව මෙහෙය කුරුණෑගල ක‍්‍රිස්තු රජිද මුල් දෙව් මැදුරේදී ඊයේ (06 දා) උත්සවාකාරයෙන් පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වී සිටි සත්කෝරළ මහ දිසාවේ උප ප‍්‍රධාන සංඝනායක මහගල්කඩවල පුඤ්ඤසාර හිමියන් විසින් අභිනව රදගුරු හිමියන් වෙත සිය ...

Read More »

රම්බඩගල්ල සෙල් පිළිමයට දිරිය, සවිය දුන් ඊශ්වරන් දිවි ගමන නිමකරයි.

eshwaran death

දේවනායගම්  ඊශ්වරන් මහතා මෑත යුගයේදී මෙරට සිදු වූ සුවිසල්ම පිළිම කර්මාන්තය වන රම්බඩගල්ල, මොණරාගල සෙල් පිළිම වහන්සේ නෙලීමේ කාර්යය පිටුපස සිටි සුවිසල් චරිතයක් වන දමිළ ව්‍යාපාරික දේවනායගම්  ඊශ්වරන් මහතා අද (06 දා) පස්වරුවේ සිංගප්පූරුවේදී අභාවප්‍රාප්ත විය. රම්බඩගල්ල පිළිමය නෙලීම සදහා එගොඩමුල්ලේ අමරමෝලි මහ නායක හිමියන් තීරණය කළ අවස්ථාවේදී ඒ සදහා ඉන්දියානු ශිල්පීන් සොයාදීමට ...

Read More »

රාගෙදර පතල් කම්කරුවෝ පොළව යට උපවාසය අත්හරිති.

ragedara_protest_finished

තම රැකියා සුරක්ෂිත කරන ලෙසට ඉල්ලමින් , පොළව මතුපිට සිට අඩි 183 ක් පමණ ගැඹුරින් පිහිටි මිනිරන් දෝනාවකට සිට පවත්වාගෙන ගිය උපවාසය අවසන් කළ මැල්සිරිපුර, රාගෙදර පතල් කම්කරුවෝ මීට ටික වේලාවකට පෙර පොළව මතුපිටට පැමිණ සිය උපවාසය අවසන් කළහ. ඒ, රාගෙදර පතලේ වත්මන් සභාපති කීර්ති වික‍්‍රමරත්න මහතා සහ පතල් සේවකයින් ...

Read More »

රැකියාව රැකදෙන්නැයි ඉල්ලා රාගෙදර පතල් කම්කරුවෝ පොළව යට උපවාසයක ( VIDEO )

ragedara_protest

තම රැකියා සුරක්ෂිත කරන ලෙසට ඉල්ලමින් මැල්සිරිපුර, රාගෙදර පතළේ සේවයේ නියුතු පතල් කම්කරුවන් පිරිසක් පොළව මතුපිට සිට අඩි 183 ක් පමණ ගැඹුරින් පිහිටි මිනිරන් දෝනාවක බැස ඊයේ ( 29 දා) සිට අඛණ්ඩ උපවාසයක යෙදී සිටිති. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි රාගෙදර පතළ වසා දැමීමට සහ ...

Read More »

නාමයෝජනා ලැයිස්තු 4 ක් සහ අපේක්ෂකයින් 24 ක් කුරුණෑගලින් ප්‍රතික්ෂේප වෙයි. ( ඡායාරූප )

nominations 2017

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන් ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 4 ක් සහ අපේක්ෂකයින් 23 දෙනෙකුගේ නම් විවිධ අඩුපාඩු හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බව කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ගාමිණී ඉලංගරත්න මහතා අද (21 දා) පස්වරුවේ පැවැසීය. පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා භාරගැනීම අද දහවල් ...

Read More »

ගෙදර වැසිකිලිය පාරේ කාණුවට හැර වූ කාන්තාවකට 6000 ක් දඩ.

toilet_case

තම නිවෙසේ වැසිකිලි අපද්‍රව්‍ය මාර්ගයේ පොදු කාණු පද්ධතියට බැහැර කළ කාන්තාවකට රුපියල් හයදහසක දඩයක් නියම කළ නාරම්මල මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා අදාල වැසිකිලිය සනීපාරක්ෂක අයුරින් පවත්වාගෙන යන ලෙසට විත්තිකාර කාන්තාව වෙත තරයේ අවවාද කළේය. මෙලෙස දඩ මුදල් නියම කෙරුණේ නාරම්මල, සේනානායකපුර පදිංචි චන්ද්‍රා මාලිනි නැමැති කාන්තාවකටය. අදාල වැසිකිළියේ අපද්‍රව්‍ය ...

Read More »

කමල් ගුණසිංහ සමුගනී.

kamal_gunasinghe_passaway

කුරුණෑගල හිටපු නාගරික මන්ත්‍රී කමල් ගුණසිංහ මහතා මීට ටික වේලාවකට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණවලට ඉදිරිපත් වූ කමල් ගුණසිංහ මහතා කුරුණෑගල මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨතම නාගරික මන්ත්‍රිවරයෙකුද වෙයි. මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වූ ඒ මහතා වැහැර ප්‍රදේශයේ පදිංචිව සිටියේය. හදිසි හෘදයාබාධයක් ...

Read More »

වැස්සේ තෙමෙමින් ජාතික ගීයට ගරු කළ මුස්ලිම් කතුන්.

muslim_womens_in_rain

වයඹ පළාත් ගුරු සේවය සදහා උපාධිධාරීන් 1200 දෙනෙකු බදවාගැනීම වෙනුවෙන් වයඹ පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක් කුරුණෑගල, වයඹ රාජකීය විද්‍යාලයේදී ඊයේ ( 04 දා) පැවැත්විණි. එම උත්සවයට සහභාගි වූ රොහාන් සේනාධීර මහතා තමන් මුහුණදුන් අත්දැකීමක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබිණි. නම නොදන්නවා වුනත්, මම නුඹට ආදරෙයි ...

Read More »

සෞඛ්‍යයට වැඩි සැලකිලි, සමූපෙට අඩු සැලකිලි එක්ක 2018 වයඹ අයවැය එයි.

nwp_buget_2017_1

  2018 වර්ෂය සදහා වන වයඹ පළාත් සභාවේ අයවැය කෙටුම්පත පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් අද  (05 දා ) උදෑසන වයඹ පළාත් සභාවට ඉදිරිපත් කළේය. හයවැනි වයඹ පළාත් සභාවේ සිව්වැනි මෙන්ම අවසන් අයවැයද වන එම අයවැය ලේඛණය ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායක මහතා විසින් වයඹ පළාත් සභාව වෙත ...

Read More »

වයඹ අයවැය හෙට එයි.

nwp_buget_2017

2018 වර්ෂය සදහා වන වයඹ පළාත් සභාවේ අයවැය කෙටුම්පත පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් හෙට (05 දා) වයඹ පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. හෙට පෙරවරු 9.30 ට වයඹ පළාත් සභාවේ සශ‍්‍රී ශාලාවේදී රැස්වෙන පළාත් සභාව වෙත ඉදිරිපත් කෙරෙන එම අයවැය හයවැනි වයඹ පළාත් සභාවේ පස්වැනි අයවැය වෙයි. අයවැය ...

Read More »