Breaking News

Recent Posts

අඹ ගෙඩියෙන් ප‍්‍රා.සභාවට තේරුණු විමලානන්ද හිමියන්ට කැපිල්ලක් !

nikaweratiya_wimalananda_thero

මෙවර පළාත්පාලන මැතිවරණයේදී නිකවැරටිය ප්‍රාදේශීය සභාව සදහා ස්වාධීනව තරඟ කරමින් සභිකයෙකු ලෙස තේරීපත් වූ තමන් වහන්සේ ඉවත්කර වෙනත් අයෙකුට මන්ත්‍රී ධූරය ලබාදීම සදහා කුමන්ත්‍රණයක් දියත්වෙමින් ඇති බවට පූජ්‍ය මොරවක විමලානන්ද හිමියෝ චෝදනා කරති. මොරවක විමලානන්ද හිමියෝ අඹ ගෙඩිය ලකුණ යටතේ ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරමින් නිකවැරටිය ප්‍රාදේශීය සභාව සදහා ...

Read More »

කෝටි දෙක හමාරක් වැය කර හැදූ රිදීගම වෙළද සංකීර්ණයෙන් ප්‍රයෝජනයක් නැහැ.

rideegama_shoping_complex

දැයට කිරුළ 2013 සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් කෝටි දෙක හමාරකට වැඩි මුදලක් වැයකරමින් ඉදිකෙරුණු කඩ කාමර 16 කින් යුත් වෙළද සංකීර්ණය සදහා යොදාගෙන ඇති ඉඩමේ අයිතිය වසර හතරක පමණ කාලයක් තිස්සේ තමන් වෙත පවරාගැනීමට රිදීගම ප‍්‍රාදේශීය සභාව මගින් කටයුතු නොකිරීම හේතුවෙන් එම වෙළද සංකීර්ණයෙන් නිසි ප්‍රයෝජන නොගන්නා තත්වයක් ඇති වී ...

Read More »

ෆිලීෂියන්ගේ නගරාධිපති සිිහින බොදවෙයි.

felician_lost

එක්සත් ජාතික පක්ෂ නගරාධිපති අපේක්ෂක ලෙස තමන් හදුන්වාගනිමින් කුරුණෑගල මහනගර සභාව සදහා තරග වැදුණු නීතිඥ ෆිලීෂියන් පෙරේරා මහතාද මෙවර මැතිවරණයෙන් පරාජයට පත් වී තිබේ. ඔහු තරගවැදුණු කොට්ඨාශයද වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි.

Read More »

බාහිර කැපුම්වලින් තොර සැත්කම් සදහා කුලියාපිටිය රෝහල මුලපුරයි.

kuliyapitiya_surgery

  ගෙලෙහි බාහිර කැපුම් නොමැතිව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කිරීම සදහා සිදුකරන ට‍්‍රාන්ස්ඕරල් ලැපරස්කොපික් තයිරොඩෙක්ටමි (TRANSORAL LAPAROSCOPIC THYROIDECTOMY) නැමැති සැත්කම කුලියාපිටිය මූලික රෝහල් ඉතිහාසයේ පළමුවරට අද ( 08 දා ) සාර්ථකව සිදුකෙරිණි. කුලියාපිටිය මූලික රෝහල් උගුර,කණ, නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා ඇතුලු කණ්ඩායම විසින් මෙම සැත්කම සිදුකරනු ලැබීය. සැත්කමට ලක්කෙරුණු ...

Read More »

කුරුණෑගල නගරාධිපති හබය, අගමැති ඉදිරිපිටම එළියට !

unp_meeting

පළාත් පාලන මැතිවරණය සදහා තවත දින තුනක් පමණක් ඉතිරිව තිබියදී කුරුණෑගල නගරාධිපති අපේක්ෂකත්වය මුල්කරගනිමින් කුරුණෑගල මහ නගර සභාව සදහා තරගවදින එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම තුළ දැඩි අර්බුදයක් මතු වී තිබේ. මෙහි ආසන්නතම සිදුවීම ඊයේ (06 දා) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ...

Read More »

නිදහස් දිනයේදී ඇතුගල කසලින් නිදහස් වෙයි.

atugala_sramadhana

  හැත්තෑ වැනි නිදහස් දින සැමරුමට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව ඇතුගල පිවිසුම් මාර්ගය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක නිරත වූහ. වයඹ පළාත් සභා පරිශ්‍රය අසල සිට ඇතුගල සමාධි බුදු පිළිරුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය මෙන්ම ඇතුගල මතින් වැටී ඇති ...

Read More »

මාල කඩන්නෝ තව තුනක් වැල්ලවින් අල්ලයි.

wellawa_robers

  වැල්ලව පොලිස් වසම තුළ යතුරුපැදියකින් සැරිසරමින් රන්මාල කැඩීමේ යෙදුණු පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන් විසින් පැහැරගන්නා ලද රන්මාල තුනක් ද අදාල අපරාධ සිදු වී පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට වැල්ලව පොලිසිය පෙරේදා (03 දා) පස්වරුවේ සමත්විය. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලව, තල්විට ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි. සැකකරුවන් වයස අවුරුදු 25 සහ ...

Read More »

කුරුණෑගලටත් කලර් ලයිට් !

kurunegala_colur_light

කුරුණෑගල නගරයේ පවතින අධික වාහන තදබදයට විසදුමක් ලබාදෙමින් නගරය තුළ මාර්ග සංඥා අලෝක පද්ධතියක් සවිකිරීම මේ දිනවල ලහිලහියේ සිදුවෙමින් පවතී. එහි පළමු අදියර ලෙස කුරුණෑගල, කදුරුගස් හන්දිය ආශ‍්‍රිතව සවිකෙරුණු අලෝක සංඥා පද්ධතියෙහි ඉදිකිරීම් මේ වනවිට අවසන් වී තිබේ. මෙම ආලෝක සංඥා පද්ධතිය වෙනුවෙන් රුපියල් මිලියන 6 ක මුදලක් රජය මගින් ...

Read More »

වාරියපොලින් හොර නෝට්ටු මතුවෙයි. දාහේ නෝට්ටු භාවිතයේදී ප්‍රවේශමෙන් !

wariyapola_fake_notes

රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් මාරු කිරීමට සැරසුණු බව කියන පුද්ගලයින් දෙදෙනෙකු වාරියපොල පොලිසිය විසින් පෙරේදා ( 29 දා) අත්අඩංගුවට ගනු ලැබූහ. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වාරියපොල, අවුලේගම ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සහ 18 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. මොවුන් විසින් වාරියපොල, අවුලේගම ප‍්‍රදේශයේදී කළ ගණුදෙණුවක් සදහා ව්‍යාජ නෝට්ටු කිහිපයක් භාවිතාකරමින් සිටින ...

Read More »

රැල්ල ගැහැව්වාට ජවිපෙට ඡන්ද නොවැටෙන හේතුව නාමල් සොයාගනී.

namal_wanduressa

“ ඡන්ද කාලෙට ජේවීපී එකට හෙණ රැල්ලක් තියෙනවා. අපේ කට්ටියත් හිතාගෙන ඉන්නවා මෙදා සැරේ නම් වැඩේ හරි කියලා. අනේ අප්පචිචියේ ඡන්දේ ඉවරවෙලා පෙට්ටි ටික මේස උඩට හලනකොට අදෝ සංසාරේ ! මේං අලි පැටව් එළියට පනිනවා, පනිනවා, පනිනවා. බුලත් කොලත් එළියට පනිනවා, පනිනවා, පනිනවා. ඕං අතරින් පතර සීනුවක් තියෙනවා. තිබුණු රැල්ල ...

Read More »

ඩියෝ එකෙන් ඇවිත් මාල කැඩූ පින්නවල ඇත්ගොව්වෙක් පොලිසියට මාට්ටු.

dio_jewellery_robery_1

කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි යතුරු පැදියකින් සැරිසරමින් මාල කැඩීමේ යෙදුණු ඇත් ගොව්වෙකු ඇතුලු පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔවුන් විසින් පැහැරගන්නා ලද රුපියල් ලක්ෂ දහයකට වැඩි වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශ නිලධාරින් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය 18 වැනිදා පස්වරුවේ කුරුණෑගල, මල්කඩුවාව ප‍්‍රදේශයේදී මාලයක් කඩාගැනීම ...

Read More »

ගෙවල් විසි තුනක් බිද කෝටියක රන් බඩු ඉස්සූ හොරෙක් අල්ලයි.

jewellery_rob

  පසුගිය සමයේදී කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි ගෙවල් බිදුම් විසි තුනක් සිදුකළ බව කියන පුද්ගලයෙකු සහ ඔහු විසින් සොරකම් කරන ලද පවුම් හතලිහකට වැඩි ස්වර්ණාභරණ තොගයක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශ නිලධාරින් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ගෝනගම, අලුපොතගම, ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සිව්දරු ...

Read More »

ගොකරැල්ලේ අයිය මලෝ දෙදෙනෙක් වැලි ලොරියකට යටවී මරුට.

gokarella_accident

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල ප‍්‍රදේශයේදී, වැලි ප‍්‍රවාහනයේ යෙදුණු ටිපර් රථයක සහ බහාලුම් ප‍්‍රවාහන රථයක (කන්ටේනර්) ගැටීමෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු ඊයේ රාත‍්‍රියේ (20 දා) ජීවිතක්ෂයට පත්වූහ. ඊයේ රාති‍්‍ර 11.30 ට පමණ සිදු වූ මෙම අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ගොකරැල්ල, ගල්ළිදකොටුව ප‍්‍රදේශයේ පදිංචි ජයකොඩි ආරච්චිලාගේ රංජිත් ...

Read More »

නව සැසිවාරය ඇරඹුණු දිනයේදීවත් වයඹ මන්ත‍්‍රීවරු සභාවට ඇවිත් නෑ.

nwp _new _seson

හයවැනි වයඹ පළාත් සභාවේ දෙවැනි සැසිවාරය ඊයේ (16 දා) උත්සවශ‍්‍රීයෙන් ආරම්භ කෙරුණු නමුත් වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් ඊයේ දිනයේදීත් සභා රැස්වීමට සහභාගි වී නොසිටීම කැපීපෙණිනි. හයවැනි වයඹ පළාත් සභාවේ දෙවැනි සැසිවාරය පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16 දා) ආරම්භ විය. ඊයේ උදෑසන වයඹ පළාත් සභා ...

Read More »