Breaking News

Recent Posts

රත්කරව්වේ භූගත කසිප්පු ගබඩාවක් පොලිසියෙන් වටලයි.

ratkarawwa_kasippu

රත්කරව්ව, වෙන්දේසිවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන මහා පරිමාණ කසිප්පු නිෂ්පාදන තිප්පොළක් වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විස මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරිහු බැරල් තුළ බහා පොළව යට ගබඩාකර තිබූ ගෝඩා ස්ප‍්‍රීතු තොගයක් සමග එම ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකුද පසුගියදා අත්අඩංගුවට ගත්හ. පොළව යට ගබඩා කර තිබූ ගෝඩා ලීටර් 360ක්, කසිප්පු බෝතල් 18 ...

Read More »

තොරතුරු පනත ගැන කුරුණෑගල මාධ්‍යවේදීන් දැනුම්වත් කෙරේ.

rti_kurunegala

තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව කුරුණෑගල දිසාවේ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුලුවක් මේ වන විට කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කර ඇති මෙම වැඩමුලුව සදහා කුරුණෑගල දිස්ත්‍රික්කය නි‍යෝජනය කරන මාධ්‍යවේදීහු 28 දෙනෙකු පමණ සහභාගි වී සිටිති.

Read More »

ස්ථීර පත්වීම් ඉල්ලා වෙළගෙදර ක‍්‍රීඩාංගණ සේවකයෝ වහළය උඩ උපවාසයක.

welagedra_ground_protest

තමන්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේ ස්ථීර පත්වීම් ලබාදෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේ සේවයේ නියුතු සේවක පිරිසක් එම ක‍්‍රීඩාංගණයේ පේ‍්‍රක්ෂකාගාර වහළය මතට නැගී ඊයේ ( 09 දා ) දහවල් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ. මෙම උද්ඝෝෂණයට වෙළගෙදර ක‍්‍රීඩාංගණයේ සේවයේ සේවකයින් හත් දෙනෙකු එක් වී සිටිති. තමන් දෛනික වැටුප් පදනම මත වසර ...

Read More »

යාපනයේ කඩේට පෙට‍්‍රල් බෝම්බ ගහපු පහක් අල්ලයි.

jaffna_attack

යාපනය, නල්ලූර්, අරසඩි වීදියේ පිහිටි වෙළදසැළකට පෙට‍්‍රල් බෝම්බ ගසා දෙදෙනෙකුට කැපුම් තුවාල සිදුකළ බවට සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි. අදාළ පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශණවලදී හෙළි වූ කරුණූ මත මෙම පුද්ගලයින් පස් දෙනා අත්අඩංගුවට ගත් බවත් , ඔවුන් සතුව තිබී කඩු 04 ක්, කෙටෙරියක් සහ යතුරුපැදියක්ද ...

Read More »

මාධ්‍යවේදීන්ගේ සංගීතයට ඇමැති දයාසිරි කියපු සිංදුව (VIDEO)

dayasiri_singing

නවීකරණය කෙරුණු අලව්ව, ගල්ගමුව මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය හා ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුලු දේශපාලනඥයින්ගේ කණ්ඩායම සහ වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගෙන් සැදුම්ලත් ජනමාධ්‍යවේදීන්ගේ කණ්ඩායම සුහද ක්‍රිකට් තරගයක් ඊයේ (28 දා) එම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරගයෙන් දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් දේශපාලනඥයින්ගේ කණ්ඩායමට එක් ...

Read More »

වව්නියා උපවාසකරුවන්ගේ මරණයට පෙර විග්නේශ්වරන් රජයෙන් විසදුමක් ඉල්ලයි.

vawniya_protest_1

අතුරුදන්වූවන්ගේ ඥාතීහු පිරිසක් වව්නියාවේදී ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය අතරතුර කිසිවෙකු මියයාමට පෙර රජය විසින් අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පිළිගත හැකි මට්ටමේ ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා කියයි. මාරාන්තික උපවාසයක යෙදී සිටින මෙම උපවාසකරුවන් පිරිස දින හතරක් තිස්සේ ආහාර නොගැනීම හේතුවෙන් දැඩි ලෙස දුර්වලව සිටින බවද ...

Read More »

හමුදාවට ගත් මුලතිව් ඉඩම් ආපසු දෙයි.

mulathive_land_release_10

ආරක්ෂක අංශ සතුව පැවති මුලතිව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 243 ක් ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත යළි පවරාදීම ඊයේ (25 දා) මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේදී සිදුකෙරිණි. මුලතිව් කේප්පාපිලව් ප‍්‍රදේශයේ පිහිටි සිවිල් වැසියන්ට අයත් ඉඩම් අක්කර 243 යළි පවරාදීම එහිදි සිදුකෙරිණි. ඊට අමතරව මුලතිව් දිස්ත‍්‍රික්කයේ තවත් පුද්ගලයින් 1350 දෙනෙකු වෙනුවෙන් ඉඩම් හිමිකම්පත් ප‍්‍රදානය කිරීම ...

Read More »

උසස්පෙළ ගණිතයෙන් ජයගත් “විශාරද“ අමායාගේ සංගීත හැකියාව දකිමු !

amaya_music

2016 උසස්පෙළ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වූ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ. ඩී. එම්. අමායා ධර්මසිරි සිසුවිය අධ්‍යාපනයේදී මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්වලදීත් සුවිශේෂි දක්ෂතා දැක් වූ සිසුවියක් වීම විශේෂත්වයකි. පළමු ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වාම මලියදේව බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අමායා ධර්මසිරි සිසුවිය 2013 වසරේදී ඇය ...

Read More »

ස්ට්‍රයික් නොකළ රියදුරන්ට බලපෑම් කළ පුද්ගලික බස් සභාපති පොලිසියෙන් එළවා දමයි! (VIDEO)

rooban_1

වැඩවර්ජනයට එක් නොවී සාමාන්‍ය පරිදි ධාවනයට යොදවා තිබූ පුද්ගලික බස් රථ කිහිපයක රියදුරන්ට බලපෑම් කළ බව කියන සමස්ත ලංකා පුද්ගලික බස් රථ ධාවකයින්ගේ සමාගම් සම්මේලනයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් පළවා හැරීමට පොලිස් නිලධාරිහු අද (02 දා) උදෑසන පියවර ගත්හ. සමස්ත ලංකා පුද්ගලික බස් රථ ධාවකයින්ගේ සමාගම් සම්මේලනයේ ...

Read More »

කුලියාපිටිය මැදි විදුහල් පා ගමනේ ඇස ගිය තැන් (VIDEO)

kcc_walk

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික පා ගමන අද දහවල් කුලියාපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. මෙම අවස්ථාවට එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ගායන ශිල්පි චන්දන ලියනාරච්චි ඇතුලු පන්දහසකට ආසන්න ආදි සිසු සිසුවියන් පිරිසක් සහභාගි වී සිටියහ. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් ආරම්භ වූ පාගමන කුලියාපිටිය ...

Read More »

පතල් සටනේ නොදුටු දසුන් (VIDEO)

kahatagaha_0

තම ආයතනය පුද්ගලිකරණය නොකරන ලෙසට බලකරමින් දොඩම්ගස්ලන්ද කහටගහපතළේ සේවයේ නියුතු පතල් කම්කරුවන් සහ කාර්යාල සේවකයින් ඇතුලු සියයකට ආසන්න පිරිසක් පොළව මතුපිට සිට අඩි 1132 ක් පමණ ගැඹුරින් පිහිටි මිනිරන් දෝනාවක සිට උපවාසයේ යෙදී සිටින අන්දම පොළව අභ්‍යන්තරයට ගොස් රූගත කිරීමට වයඹ ටුඩේ කණ්ඩායමට හැකි විය. එහි වීඩියෝව පහත දැක්වෙයි.

Read More »

කුරුණෑගල පොළට ආ අණබෙරකරුවා කී පණිවිඩය !

anabere_1

කලෙකින් දැකගත නොහැකි අණබෙරකරුවෙක්  ඊයේ කුරුණෑගල සතිපොළට පැමිණ සිටියේ නගරයේ පැවැත්වෙන යම් කටයුත්තක් පිළිබදව මහජනතාව දැදුම්වත් කිරීමටය. අණබෙරකරුවාගේ පණිවිඩය පහතින් නැරඹිය හැකිය.  

Read More »

උසාවිය ඉස්සරහ වොයිස් කට් දෙන්න ගිය ජොන්ස්ටන්ට පොලිසිය හරස්වෙයි ! (VIDEO)

jonny

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණ සමයේදී සතොස ශාඛාවලින් භාණ්ඩ මිලදීගෙන මුදල් නොගෙවා පැහැරහැරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව අද (13 දා) විභාගයට ගැණුනු අතර නඩු විභාගයට සහභාගි වී අධිකරණ භූමියෙන් පිටතට පැමිණි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අකරතැබ්බයකට මුහුණදීමට ...

Read More »

ජනතාව රස්තියාදු කළැයි ජවිපෙ මන්ත්‍රීගෙන් ඇමැති ටී. බී.ට කුණු බැණුම් ! (VIDEO)

namal

තිරසර සංවර්ධන සහ වනජීවි අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන අලි කොරිඩෝ වෙන්කිරීමේ ව්‍යාපෘතිය පිළිබදව කැදවා තිබූ සාකච්ඡාවක් විධිමත් දැනුම්දීමකින් තොරව අවලංගු කර තිබීම පිළිබදව උරණ වූ ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා අදාළ සාකච්ඡාව කැදවා තිබූ රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට දුරකථනය ඔස්සේ බැණ වදින අයුරු ...

Read More »

ජීවිතය ගැටගහන්නට පොළ වෙළදාමට ආ මවකගේ ජීවිතයම උදුරාගත් මාරක අනතුර (CCTV දර්ශණ)

cctv_accident

කුලියාපිටිය සතිපොළේ වෙළදාම් කටයුතු සදහා පැමිණ සිටි කාන්තාවක් ඊයේ (02 දා) අලුයම පාර හරහා මාරුවීමට උත්සහ කිරීමේදී වේගයෙන් පැමිණි ලොරි රථයක ගැටී ජීවිතක්ෂයට පත්වන ආකාරය කුලියාපිටිය නගරයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා කිහිපයක මෙලෙස සටහන් වී තිබිණි. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ හෙංගමුව, කොබෙයිගනේ ප‍්‍රදේශයේ පදිංචි බමුණුසිංහ මුදියන්සේලාගේ දයාවතී නැමති වයස ...

Read More »