Recent Posts

කන්දකැටියේ තරුණයෙකු ඝාතනය කළ පොලිසියේ 6 කට මරණ දඩුවම !

kandekatiya-case

බදුල්ල ප්‍රදේශයේ  කන්දකැටිය පොලිසිය විසින් කෘර අමානුෂික ලෙස වධහිංසාවට ලක්කර ඝාතනය කරනු ලැබූ සඳුන් මාලිංග තරුණයාගේ ඝාතකයින් හට අද බදුල්ල මහාධිකරණය විසින් මරණ ඳඩුවම නියම කරන ලදී. නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණයේ නඩු අංක HC-01/2015 යටතේ අධිචෝදනා ගොණුකර තිබූ අතර, ඒ අනුව කන්දකැටිය පොලිසියේ 06 කට බදුල්ල මහාධිකරණය විසින් එහිදී මරණ දඬුවම නියම කෙරිණි. 2014 මැයි මස 14 වෙනි දින පොලිස් ...

Read More »

වයඹ ශිෂ්‍යත්ව හපනුන් ආණ්ඩුකාරවරියගේ ඇගයුමට.

grade_5_best_12

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵලවලට අනුව දිවයිනේ මුල් ස්ථාන දොළහ අතරින් ස්ථාන පහක්ම දිනාගනිමින් වයඹ පළාතට කීර්තියක් අත්කර දුන් සිසු සිසුවියන් සහ ගුරු භවතෙකු ඇගයීමේ උත්සවයක් වයඹ ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195ක් ලබා දිවයිනේ දෙවැනි ස්ථානයට පත් වූ කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතී කනිෂ්ඨ විද්‍යාලයේ රුවන්යා මෙත්මිණි ගුණසේකර සිසුවිය සහ ලකුණු 194 ක් ලබා දිවයිනේ තෙවැනි ...

Read More »

ලංගම නිවාඩු අවලංගුයි !

දෙසැම්බර් 01 වන දා සිට සතියක කාලයක් ලංගම රියදුරු, කොන්දොස්තර, කාර්මික යන කේෂත්‍රයන්හි නියුතු සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි. එසේම ප්‍රවාහන සේවයේ ඇති විය හැකි හදිසි වර්ජන අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ධාවනය කරවන ලබන 5300ක් වු බස් රථ සංඛ්‍යාව 6000ක් දක්වා වැඩිකොට ධාවනය සදහා යෙදවීමටද කටයුතු කර තිබේ. ...

Read More »

‘සියල්ලට ඉහළින් ‘ වෙනුවට ‘සියල්ලට වෙනස් ‘ ඇහැකින් සාලාව දෙස බැලූ ශෙහාන්ගේ පින්තූර හරඹ!

shehan_salawa_5

සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පුපුරායාම පිළිබදව මෙරට සෑම ජනමාධ්‍ය ආයතනයක් විසින්ම  පසුගිය සතිය පුරා වැඩි බරක් තබමින් වාර්තාකරණයේ යෙදුණු ආකාරය දැකගත හැකි වූ අතර අදාල පිපිරීමෙන් සිදු වූ හානිය සහ විනාශය ඉස්මතු කර පෙන්වීම පිණිස ඒ හැම මාධ්‍යක්ම විසින්ම මහත් වෑයමක් ගෙන තිබිණි.  හමුදාව විසින් තහනම් කෙරුණු තැන්වලට ඇතුල් වී ලබාගත් ඡායාරූප පමණක් නොව ඩ්‍රෝන කැමරා මගින් ඉහළ ...

Read More »

“ බඹසරේට මක් වුනාද කියන්න දේවී “ කුණු ඇසින් නොව කවි ඇසින් දකිනු පිණිසය…

blame-on-women

පහත දැක්වෙන්නේ එන්. එස්. අයි . සංඛ මහතා විසින් නිසදැස් කවි ගී අරණ පිටුවට එකතු කර තිබූ ඔහුගේ නිර්මාණයකි. කලෙකින් කියැවූ රසවත් කවි පන්තියක් වීම මෙන්ම එහි ඇති කාලීන බවද එම කවි පන්තිය යළි යළිත් කියැවීමට මා පෙළඹවීය. මෙම නිර්මාණය හරහා උපහාසය, හාස්‍යය මෙන්ම අනුකම්පාවද එක විට පාඨකයාගේ සිතෙහි ජනිත කරවීමට කවියා සමත් වූ බවක් හැගී ගියේය. කවිය සදහා යොදාගෙන ...

Read More »

වයඹ මහ ඇමැතිටත් මුහුණුපොතේදී වරදී !

වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා අලව්ව ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ නාමය අලව්ව ශ්‍රී රේවත මධ්‍ය මහා විද්‍යාලය ලෙස වැරදි ලෙස භාවිතා කර තිබේ. තමන් ඊයේ දිනයේදී අලව්ව ශ්‍රී රේවත මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති විවෘතකිරීමේ උත්සවයකට සහභාගි වූ බව මහ ඇමැති ධර්මසිරි සිය ෆේස්බුක් ගිණුම හරහා කියන නමුත් ඔහු විසින් ඇතුළත් කර ඇති ඡායාරූපයන්වල දක්වා ...

Read More »

ෆේස් බුක් හතර කොනේ – ස්වර්ණවාහීනි ‘ගුණ‘ ගැයේ !

මාධ්‍ය සදාචාරය සහ මාධ්‍ය ආචාර ධර්මයන් පිළිබද ශතපහක හෝ තැකීමක් නොකර ස්වර්ණවාහිනි නාලිකාව විසින් ඊයේ දිනයේ සිය ප්‍රවෘත්ති විකාශය ඔස්සේ විකාශය කරන ලද මාර්ග නීති කඩකිරීමක් සම්බන්ධයෙන් රථවාහන පොලිසිය විසින් එක්තරා පුද්ගලයෙකු වෙත දඩකොළයක් නිකුත් කිරීමට සූදානම් වන අවස්ථාවක දර්ශණ සම්බන්ධයෙන් මුහුණුපොත ඔස්සේ මේ වන විට දැඩි විරෝධයක් පළවෙමින් තිබේ. මෙම දර්ශණ විකාශය කිරීම හරහා ස්වර්ණවාහිනී නාලිකාව මෙන්ම මෙරට ජන‍මාධ්‍යයන්හි ...

Read More »

බිග් මැච් එකට කලින්ම devans-annites ෆේස්බුක් සටනක !

කුරුණෑගල මලියදේව සහ ශාන්ත ආනා විද්‍යාලයන් අතර වාර්ෂික ක්‍රිකට් ගැටුම ආරම්භවීමට නියමිතව ඇත්තේ අද දිනයේ වුවත් battle of the rocks මුල්කරගනිමින් මුහුණුපොතේ පෝස්ට් පළකිරීමේ තරගයක් පටන්ගෙන තිබුණේ මීට දින කිහිපයකට පෙරදීය. මුහුණුපොතට එක් වී තිබූ එවැනි නිර්මාණ කිහිපයකි මේ. (මෙහි ඇතුළත් වී නොමැති තවත් පෝස්ට් ඔබ සතු නම් , ඒවා වයඹ ටුඩේ  ෆේස්බුක් පිටුව වෙත හෝ wayambatodayweb@gmail.comවෙත ලැබීමට සලස්වන්න ) ...

Read More »

කුලියාපිටියේ දරුවා වෙනුවෙන් බුකිය නැගි සිටී.

HIV ආසාදිතයෙකු බවට හංවඩු ගසමින් බෝහන්දිය සම්බෝධි විද්‍යාලය ඇතුලු කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ පාසල්වලට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කළ දරුවා මුල්කරගනිමින් මුහුණුපොත හරහා සංවාදයක් ගොඩනැගී තිබේ. අසාධාරණයට පත් දරුවාට සහය පළකරමින් මුහුණුපොතට එක් කර තිබූ පෝස්ට් සහ කොමෙන්ටු කිහිපයක් පහත දැක්වෙයි.  

Read More »

හිමාෂ, හේෂාන්…..ඔහොමම දුවගෙන වරෙන් කොළඹට…ආදරෙන් උඹව බදාගන්න..සෙනෙහසින්උඹව වඩාගන්න. .

හිමාෂ හේෂාන්…..ඔහොමම දුවගෙන වරෙන් කොළඹට…ආදරෙන් උඹව බදාගන්න..සෙනෙහසින්උඹව වඩාගන්න. .උඹ දකුණුආසියාවේ වේගවත්ම මිනිසා….එන්න කියපන් බෝල්ට්ට…දුවන්න මගේ කගවේනත් එක්ක…රන් පදක්කමක්….රන් පුතෙකුගෙන්….මීටර සීයට අලුත් ඇරඹුමක් ඔන්න මම කිවුවා කියලා ලියලා තියාගනිල්ලා…මේ කෙල්ලයි කොල්ලයි ගේනවා මුළු ලෝකෙම ලංකාවට…තනියම බෑ ඔල්වරසන් දීපල්ලා…ජයඝෝෂා නගපල්ලා. මේ ඉන්නේ ලංකාවට රන් පදක්කම් දෙකක් ගෙනපු…ඉස්සරහටත් තව ගේන හේෂාන් ,රුමේෂිකා…Bhathiya Arthanayake උබ නැතිනම් මේ බුකිය මෙතරම් අවදි කරන්න අපිට බැරිවෙන්නත් තිබුණා. ...

Read More »

කුරුණෑගල නමින් ගුවන් යානයක් !

kurunegala air bus

කුරුණෑගල නගරය නමින් නම් කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් නවීනතම එයාර් බස් ගුවන් යානයකි ‍මේ. ” සිටි ඔෆ් හස්ති ශෛලපුර” නමින් නම් කර ඇති මෙම ගුවන් යානය A330-300 වර්ගයේ එකකි.   උපුටාගැනීම – I Love Kurunegala ‍‍‍‍‍‍ෆේස්බුක් පිටුව

Read More »

විජය විදුහල බැබළ වූ දරු දැරියෝ ඇගයෙති.

ජාත්‍යන්තර සහ සමස්ත ලංකා මට්ටමේ ජයග‍්‍රහණයන් වාර්තා කරමින් හලාවත විජය මහ විදුහලට කීර්තිය ගෙන දුන් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් සිව්දෙනෙකුට උපහාර පිදීමේ උත්සවයක් අද ( 5 දා ) උදෑසන එම විද්‍යාලයේදී පැවැත්විණි. විජය විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායය නියෝජනය කරමින් දකුණු කොරියාවේ ෂෙන්චුන් නගරයේදී පැවැත්වුණු අටවැනි ආසියා පැසිපික් තරුණ බාලදක්ෂ සමුඵව නියෝජනය කළ, කේ. කසුන් සංජීව ( 18 ) සහ පී. ...

Read More »

මාපිලෙක් උසාවි එයි !

නඩු හබ විසදාගැනීම අධිකරණය වෙත පැමිණෙන්නේ පැමිණිලිකරුවන් සහ විත්තිකරුවන් පමණක් වුවත් , විෂ ඝෝර සර්පයෙකු ලෙස සැලකෙන මාපිලෙකු හිටි අඩියේ අධිකරණ ශාලාවකට කඩාවැදීම හේතුවෙන් සිදු වූ කලබගෑනියක් පිළිබදව අද දිවයින පුවත්පත විසින් වාර්තාකර තිබේ. මෙම කලබගෑනිය ඇති වී ඇත්තේ කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයේදීය. පසුගිය 21 වැනිදා කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයාගේ මේසය මතට හිටි හැටියේම මාපිලකු වැටීම නිසා එහි විභාගවෙමින් තිබූ නඩු කටයුතු ටික ...

Read More »

දවසේ පුවත්පත් කාටූන්, කවි සහ ‍‍ෆේස්බුක් විශේෂාංග ( සැප්තැම්බර් 18 )

දිණමින. අද රිවිර මව්බිම ලක්බිම  

Read More »

මඩටම යන වෙබ් මාධ්‍ය කලාව ගොඩගන්නේ කෙසේද?

නෙත් කැත

මහජනයා හට තොරතුරු ලබාගැනිම සදහා ක්‍රියාත්මක පුවත් මුලාශ්‍ර අතර අද ඉදිරියෙන්ම සිටින්නේ වෙබ් මාධ්‍ය කලාවයි. ඒ එසැණින් එකි පුවත් ලොවට ගෙන යාහැකි විම නිසාය.තතු එසේව තිබියදි ශ්‍රිලංකාව තුල වෙබ් මාධ්‍ය කලාව තවමත් පුවත් මුලාශ්‍රයක් ලෙසින් සිය  අනන්‍යතාව  නිසි ලෙසින් ලකුණු කර නැත. එයට හේතුව වන්නේ මේ බොහොමයක් පුවත් අඩවි සයිබර් අවකාශය තුල ක්‍රියාත්මක වන්නේ ගොසිප් බෙදාහරින්නන් පිරිසක් ලෙසිනි.ලංකාව තුල තත්වය ...

Read More »