Breaking News

Recent Posts

රත්කරව්වේ භූගත කසිප්පු ගබඩාවක් පොලිසියෙන් වටලයි.

ratkarawwa_kasippu

රත්කරව්ව, වෙන්දේසිවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන මහා පරිමාණ කසිප්පු නිෂ්පාදන තිප්පොළක් වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විස මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරිහු බැරල් තුළ බහා පොළව යට ගබඩාකර තිබූ ගෝඩා ස්ප‍්‍රීතු තොගයක් සමග එම ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකුද පසුගියදා අත්අඩංගුවට ගත්හ. පොළව යට ගබඩා කර තිබූ ගෝඩා ලීටර් 360ක්, කසිප්පු බෝතල් 18 ...

Read More »

තොරතුරු පනත ගැන කුරුණෑගල මාධ්‍යවේදීන් දැනුම්වත් කෙරේ.

rti_kurunegala

තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව කුරුණෑගල දිසාවේ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුලුවක් මේ වන විට කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කර ඇති මෙම වැඩමුලුව සදහා කුරුණෑගල දිස්ත්‍රික්කය නි‍යෝජනය කරන මාධ්‍යවේදීහු 28 දෙනෙකු පමණ සහභාගි වී සිටිති.

Read More »

ස්ථීර පත්වීම් ඉල්ලා වෙළගෙදර ක‍්‍රීඩාංගණ සේවකයෝ වහළය උඩ උපවාසයක.

welagedra_ground_protest

තමන්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේ ස්ථීර පත්වීම් ලබාදෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේ සේවයේ නියුතු සේවක පිරිසක් එම ක‍්‍රීඩාංගණයේ පේ‍්‍රක්ෂකාගාර වහළය මතට නැගී ඊයේ ( 09 දා ) දහවල් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ. මෙම උද්ඝෝෂණයට වෙළගෙදර ක‍්‍රීඩාංගණයේ සේවයේ සේවකයින් හත් දෙනෙකු එක් වී සිටිති. තමන් දෛනික වැටුප් පදනම මත වසර ...

Read More »

යාපනයේ කඩේට පෙට‍්‍රල් බෝම්බ ගහපු පහක් අල්ලයි.

jaffna_attack

යාපනය, නල්ලූර්, අරසඩි වීදියේ පිහිටි වෙළදසැළකට පෙට‍්‍රල් බෝම්බ ගසා දෙදෙනෙකුට කැපුම් තුවාල සිදුකළ බවට සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි. අදාළ පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශණවලදී හෙළි වූ කරුණූ මත මෙම පුද්ගලයින් පස් දෙනා අත්අඩංගුවට ගත් බවත් , ඔවුන් සතුව තිබී කඩු 04 ක්, කෙටෙරියක් සහ යතුරුපැදියක්ද ...

Read More »

වව්නියා උපවාසකරුවන්ගේ මරණයට පෙර විග්නේශ්වරන් රජයෙන් විසදුමක් ඉල්ලයි.

vawniya_protest_1

අතුරුදන්වූවන්ගේ ඥාතීහු පිරිසක් වව්නියාවේදී ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය අතරතුර කිසිවෙකු මියයාමට පෙර රජය විසින් අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පිළිගත හැකි මට්ටමේ ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා කියයි. මාරාන්තික උපවාසයක යෙදී සිටින මෙම උපවාසකරුවන් පිරිස දින හතරක් තිස්සේ ආහාර නොගැනීම හේතුවෙන් දැඩි ලෙස දුර්වලව සිටින බවද ...

Read More »

හමුදාවට ගත් මුලතිව් ඉඩම් ආපසු දෙයි.

mulathive_land_release_10

ආරක්ෂක අංශ සතුව පැවති මුලතිව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 243 ක් ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත යළි පවරාදීම ඊයේ (25 දා) මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේදී සිදුකෙරිණි. මුලතිව් කේප්පාපිලව් ප‍්‍රදේශයේ පිහිටි සිවිල් වැසියන්ට අයත් ඉඩම් අක්කර 243 යළි පවරාදීම එහිදි සිදුකෙරිණි. ඊට අමතරව මුලතිව් දිස්ත‍්‍රික්කයේ තවත් පුද්ගලයින් 1350 දෙනෙකු වෙනුවෙන් ඉඩම් හිමිකම්පත් ප‍්‍රදානය කිරීම ...

Read More »

මහින්දගේ කරදර ගැන – වයඹ මහ ජරමර !

09

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට කැදවීමට විරෝධය පළකරමින් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැද විරෝධතාවයක යෙදීම නිසා අද (21 දා ) පැවැති වයඹ පළාත් සභා රැුස්වීම අතරමැදදී මැයි 5 වැනිදා දක්වා කල් තැබීමට සිදු විය. වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි ...

Read More »

වයඹ උපාධිධරයෝ යළි මහ පාරට

SAM_5836

තම සුදුසුකම්වලට අනුව පළාත් සභාව තුළ ඇති පුරප්පාඩු සදහා බදවාගන්නා ලෙස බලකරමින් වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීහු පිරිසක් අද (18 දා ) වයඹ පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදුණාහ. වයඹ පළාතේ විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් පැමිණ සිටි  රැකියා විරහිත උපාධිධාරීහු දහසකට අධික පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටියහ. උද්ඝෝෂකයින් පිරිස කුරුණෑගල ...

Read More »

කොටන් ඇද්දේ මම , පෙරහැරේ යන්නේ වෙන අය !

DSC_5546 (FILEminimizer)

  වයඹ පළාත් සභාවේ විමධ්‍යගත අරමුදල් යොදවා ඉදිකරනු ලැබූ කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ විදුලි දිගු තුනක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අතින් විවෘත කිරීම සදහා අවශ්‍ය කටයුතු යොදන ලෙසට ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ කුලියාපිටිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව නියෝග කිරීමෙන් අදාළ ව්‍යාපෘතියට මුදල් වෙන් කළ මන්ත‍්‍රීවරයා ලෙස ...

Read More »

දයාසිරිට බෝඩ් මාරු වෙයි.

3/2/2015 10:09 PM

  පසුගිය 03 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීම රත් වී ගියේ අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහි ආණ්ඩු පක්ෂයේ විරෝධතාවයක් හේතුවෙනි. අගමැති රනිල්ගේ සුප‍්‍රක‍්‍රට ”කුරුණෑගල ප‍්‍රකාශය” ජනමාධ්‍යයට තර්ජනයක් බව කියමින් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් එදින සභා රැස්වීමට ඇතුඵ වූයේ අගමැති රනිල් මුවහමක් කරගනිමින් ආණ්ඩුවට තඩිබාන්නට කලින් සූදානම් කරගත් ආයුධද අතැතිවය. ආණ්ඩු පක්ෂයේ ...

Read More »

දයාසිරිගෙන් නොක්කාඩුවක්

ddd

  මම දන්නෙත් නෑ ගිය සතියේ අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීතුමා නාරම්මල මයුරපාදෙට ඇවිල්ලා . මගේ ඉස්කොලේට. ඇවිල්ලා ඒකේ හදලා තිබුණු මහින්දෝදය විද්‍යාගාරේ විවෘත කරලා ගිහිල්ලා. මහින්දෝදය කෑල්ල ගලවලා විද්‍යාගාරේ විවෘත කරලා. මොකක්ද මේ කරන වැඩේ තේරුම ? මුලදී නම් කිව්වේ අනාගතේ නම් දාන්නේ නෑ කියලා.  හැබැයි දැන් තියෙන ඒවත් ගලවනවා. ...

Read More »