spot_img
Saturday, March 7, 2026
spot_img

අනාරක්ෂිත උත්සව ශාලවක් නිසා මාපියන්ට වටිනා දියණියක් අහිමි වෙයි ?

Must read

ඉකුත් සෙනසුරාදා (14/06/2025)කොලඹ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් වන A.P.I.I.T Campus මගින් සංවිධානය කරනු ලැබූ Holy උත්සවයක් එදින සවස ‘රැල්ල’ නමැති අවන්හලේ පවත්වා තිබේ. මෙම උත්සවයට සහභාගී වී සිටි චෙනුමි ලකිත්මා දැරිය මෙම ස්ථානයට ඇතුල් වී කිසියම් කාරණයක් සඳහා පිටතට පැමිණ ඇති අතර අවාසනාවන්ත ලෙස ඇය දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්විය. මෙම උත්සව ශාලාව බම්බලපිටිය හා වැල්ලවත්ත අතර පිහිටා ඇති අතර උත්සව ශාලාව පිහිටා ඇත්තේ දුම්රිය මාර්ගයට ආසන්නයේය. මෙම අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය මාර්ග දෙකක් පිහිටා ඇති අතර චෙනුමි ලකිත්මා දැරිය කිසියම් අවශ්‍යතාවයකට දුම්රිය මාර්ගට දෙසට පැමිණෙන අවස්තාවේදී ඒක් මාර්ගයකින් පැමිණ ඇති දුම්රිය ඇය නොදැකීමෙන් මෙම අවසානාවන්ත අනතුර සිදුවී තිබේ. සිදුවීම සිදුවී ඇත්තේ 14 වනදා සවස රාත්‍රී 7.30ට පමණය. මෙම උත්සවය සදහා මෙම දැරියව ගෙනත් ඇරලීම සඳහා ඇය සමඟ ඇගේ දෙමව්පියන්ද ඒහි ගොස් ඇති අතර ඔවුන් අනෙක් පස පාරේ වාහනය තුළට වී සිට ඇත.

A.P.I.I.T Campus මගින් සංවිධානය කර තිබූ මෙම හෝලි උත්සවයට වයස අවුරුදු 17 ක් පමණ වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ ප්‍රමාණයක් මෙයට සහභාගී වී ඇත. 14 වනදා සවස 4.00 ට පමණ උත්සව ශාලාවට ඇතුල් වූ චෙනුමි ලකිත්මා දැරිය මෙම ස්ථානයට ඇතුල් වී කිසියම් කාරණයක් සදහා පිටතට පැමිණ ඇත.එසැනින් ඇය දුම්රියට ගැටී ජීවිතක්ෂයට පත් විය. මෙම මරණය මෙසේ අවසානාවන්ත ලෙස සිදුවීම පිටුපස සම්බන්ධයෙන් A.P.I.I.T විශ්වවිද්‍යාලයට වගකිමක් පැවරේ. සිසුන් විශාල සංඛ්‍යාවක් සහභාගී වන උත්සවයක් මෙවැනි අනාරක්ෂිත ස්ථානයක පැවැත්වීමට තෝරාගැනීම ප්‍රධානම වරදයි. මෙම ස්ථානය අනතුරු සහිත බවට පුවරුවක් සවිකර තිබියදීත් ඔවුන් මෙම ස්ථානයේ උත්සවයක් පැවැත්වීම වගකීම් විරහිත ක්‍රියාවකි. මෙවැනි අනතුරුදායක ස්ථානයක උත්සව ශාලාවක් පවත්වාගෙන යාමද අනෙක් වරදයි.

1.මෙවැනි අනාරක්ෂිත ස්ථානයක අවන්හලක් පවත්වාගෙන යාමට අවසරය දී ඇත්තේ කවුද,කෙසේද ?
2. වැනි විශ්වවිද්‍යාලයක් කිසිවක් නොසොයා උත්සව සඳහා වගකීමෙන් තොරව මෙවැනි ස්ථාන තෝර ගන්නෙ මන්ද යන කාරණා සොයා බැලිය යුතුව ඇත.
මීට සතියකට පෙර මෙම අවන්හලේම සේවක මහතකුද දුම්රියට ගැටී මියගොස් තිබුනි.
මේ වන විට 30 ක් මරණයට පත්වී ඇති බවට දැන්වීම් පුවරුවක්ද සවි කර ඇති බව පැවසේ.කලුබෝවිල රෝහලට දරුවා බාර දී තිබුණි. ඒම රියදුරු මහතාද මෙම අනතුර සම්බන්ධයෙන් කිසිවක් පැවසීමට මැලි විය.මෙකී සියලු දේවල් සිදු වී ඇත්තේ යම් කිසිවකුගේ උවමනාවට බව පැහැදිලි වේ.කෙසේ හෝ මෙය අපරාධයක් බව සිතිය යුතුයැයි මට හැගේ.

W.G.වොෂින්ටන් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article