spot_img
Saturday, March 7, 2026
spot_img

අප‍්‍රිකාවේදී මිය ලාංකික ගුවන් සෙබළාගේ දේහය නිවසට (ඡායාරූප)

Must read

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මධ්‍යම අප‍්‍රිකානු රාජ්‍යයෙහි රාජකාරීවල යෙදී සිටියදී මැ‍ලේරියා උණ වැළදී‍ම නිසා එහිදී ජීවිතක්ෂයට පත් වූ ගුවන් හමුදා සෙබළ කෝප‍්‍රල් එච්. එම්. කුමාර බණ්ඩාර මහතාගේ දේහය පෙරේදා (08 දා) රාත්‍රි කාලයේදී ඔහුගේ නිවසට රැගෙන එනු ලැබීය.

සෙබළාගේ හදිසි අභාවය පිළිබදව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කළ ඔහුගේ ඥාතීන් වෙත කළ දැනුම්දීමකට අනුව කෝප‍්‍රල් එච්. එම්. කුමාර බණ්ඩාර මහතාගේ නිවසෙහි තාවකාලික කූඩාරම් පවා ඉදිකර ප‍්‍රදේශවාසීන් විසින් ඔහුගේ අවමගුල වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කරගෙන සිටියේ දැනට සතියකටත් වැඩි කාලයත් තිස්සේය. මෘතදේහය ‍මෙරටට ගෙන්වාගැනීම ප්‍රමාදවීම පිළිබදව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතාගෙන් පසුගියදා කළ විමසීමකදී හෙතෙම පැවසුවේ මධ්‍යම අප‍්‍රිකානු රාජ්‍යයෙහි දැනට පවතින යුධමය වාතාවරණය හේතුවෙන් කුමාර බණ්ඩාර මහතාගේ මෘතදේහය මෙරටට ගෙන්වාගැනීම තරමක දුෂ්කර කටයුත්තක් වී ඇති බවය.

කුමාර බණ්ඩාර මහතාගේ මෘතදේහය මේ වනවිට මහව, මාකඩුවාව ප‍්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසෙහි තැන්පත් කර ඇති අතර අද (10 දා) පස්වරුවේ පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව දේහය පිළිබද අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

ඡායාරූප සහ සටහන
සාලිය ජ‍යසේකර, වීරරත්න බණ්ඩාර – මහව

undeath2 undeath1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article