spot_img
Saturday, March 7, 2026
spot_img

ආචාර ධර්ම කෙටුම්පත මන්ත‍්‍රී හේරත් ප‍්‍රසිද්ධියේම ඉරා දමයි ! ( VIDEO )

Must read

db_ethics_draft

පළාත් සභා මන්ත‍්‍රීවරුන් සදහා යෝජිත ආචාර ධර්ම පද්ධතියට විරෝධය පළකල ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට සහය දක්වන වයඹ පළාත් සභා මන්ත‍්‍රී ඩී. බී. හේරත් මහතා විසින් ඊට අදාල කෙටුම්පත වයඹ පළාත් සභා රැස්වීමේදී ප‍්‍රසිද්ධියේ ඉරා දමනු ලැබීය.

පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය විසින් කෙටුම්පත් කර ඇති පළාත් සභා මන්ත‍්‍රීවරුන් සදහා යෝජිත ආචාර ධර්ම පද්ධතිය ඇතුලත් ලියැවිල්ල, ඒ පිළිබදව මන්ත‍්‍රීවරුන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීම සදහා පසුගිය පෙරේදා පැවැති වයඹ පළාත් සභා රැස්වීම වෙත වෙත යොමු කර තිබිණි. වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් රජයේ යෝජනාවක් ලෙස අදාල කෙටුම්පත පළාත් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දැක් වූ ඩී. බී. හේරත් මහතා පැවැසුවේ වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් මැති ඇමැතිවරුන් මහජන නියෝජිතයෙකුට නොගැලපෙන අන්දමේ හැසිරීම් ප‍්‍රදර්ශණය කරමින් සිටියදී පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය විසින් පළාත් සභා මන්ත‍්‍රීවරුන් සදහා ආචාර ධර්ම පැනවීමට උත්සාහ කිරීම විහිඵවක් බවයි. වයඹ පළාතේ ජනතාවගේ උත්තරීතර ආයතනය වන වයඹ පළාත් සභාවට අගෞරව කිරීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති මෙම ලියැවිල්ල තුට්ටු දෙකට දමා, බිම දමා පාගා දැමීමට තමන් සූදානම් බව කියමින් මන්ත‍්‍රීවරයා අත තිබූ කෙටුම්පත ඉරා දමනු ලැබීය.

ඩී. බී. හේරත් මහතා පළාත් සභා මන්ත‍්‍රීවරුන් සදහා යෝජිත ආචාර ධර්ම පද්ධතිය ඇතුලත් කෙටුම්පත ඉරා දැමූ අයුරු පහත වීඩියෝවෙන් දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article