බස්නාහිර පළාත් කසළ කළමණාකරණය සම්බන්ධයෙන් පත් කළ විශේෂ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු අවස්ථාවේදී අගමැතිනිය කසළ කළමනාකරණය පිළිබඳව ප්‍රජා මට්ටමින් සහ පාසල් මට්ටමින් දැනුවත් කිරීම් අවශ්‍යය බව පවසන ලදී.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ වර්තමාන තත්වය ගැන කසළ කළමනාකරණය පිළිබඳ විශේෂ අනුකමිටුවේ අවධානය
කසළ කළමනාකරණය පිළිබඳව ප්‍රජා මට්ටමින් සහ පාසල් මට්ටමින් දැනුවත් කිරීම් අවශ්‍යය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
බස්නාහිර පළාත් කසළ කළමණාකරණය සම්බන්ධයෙන් පත් කළ විශේෂ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු අවස්ථාවේදී අගමැතිනිය මෙම අදහස් පැවසුවාය.
මෙහිදී බස්නාහිර පළාතේ ගෘහස්ත, වීථි, ආයතනික සහ ව්‍යාපාර හරහා බැහැර වන නාගරීකරණ ඝන අපද්‍රව්‍යය කළමනාකරණයේ වර්තමාන තත්වය, ඝන අපද්‍රව්‍ය හේතුවෙන් පැන නැගී ඇති ගැටළු සහ ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය.
පළාත් පාලන මට්ටමෙන් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් විෂය දැනුමක් ඇති නිලධාරීන් අවම වීම, කසළ කළමනාකරණය සඳහා සුදුසු ඉඩම් සහ යටිතල පහසුකම් අඩු වීම යන ගැටළු සහ ඒ සඳහා වන විසදුම් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, කසළ කළමනාකරණය පිළිබඳව ප්‍රජා මට්ටමින් මෙන්ම පාසල් මට්ටමින් නිසි දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අතර ඒ සඳහා ප්‍රජා ශක්ති සහ ක්ලීන් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් යොදා ගැනීම මඟින් විශාල කාර්යභරයක් සිදු කළ හැකි බව අවධාරණය කළා ය.
වෘත්තිය අධ්‍යාපන අංශය හා එක්ව කසළ කළමණාකරණය අලුත් වෘත්තිය විෂයක් ලෙස හඳුන්වා දීම මඟින් කසළ කළමනාකරණය පිළිබඳ සමාජ අවබෝධයක් ලබා දීම සහ රැකියා අවස්ථාව නිර්මාණය කිරීම සිදු කළ හැකි බවත් සඳහන් කළා ය.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ උපදේශක කාරක සභවේ සභාපති චන්දන සූරියආරච්චි, අග්‍රාමාත්‍ය ලේකම්, ප්‍රදීප් සපුතන්ත්‍රි , දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර යන මහත්වරුන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහභාගි වූහ.








