අද (10 ) වෙන්නප්පුව ප්‍රා.සභාවේ මහ සභා රැස්වීම පැවැත්වූ අතර විශේෂ කරුණු කාරනා රැසක් ප්‍රා.සභා න්‍යාය පත්‍රයේ අඩංගු කර තිබුණි. ඒ අතර ප්‍රජා සංවර්ධන කමිටුව විසින් ශාසනාරක්ෂක බලමන්ඩල වලට වෙන්කරන මුදල සම්බන්ධයෙන් නැවත සංශෝධනයක් සිදුකළ හැකිද යන්න ප්‍රා.සභා මන්ත්‍රී සුසන්ත පෙරේරා විසින් දිින් දිගටම මතුකරන ලදී. ඔහුගේ යෝජනාව වුයේ දංකොටුව විහාරස්ථානයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුනොකර ඇති බැවින් එම මුදල වෙන්නප්පුව දුම්මලදෙනිය පන්සලට ලබාදෙන ලෙසයි. මෙහිදී යෝජනාව ප්‍රජා සංවර්ධන කමිටුවේ අවධානයට ලක්වූයේ මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට ඇති තවත් ආගමික ආයතන 8 ක් පිලිබඳවත් සලකා බලමින් බව කමිටුවේ සභාපති වොහන් සන්දිප් මහතා සඳහන් කරන ලදී. එබැවින් මෙම යෝජනාව සම්මතවූ යෝජනාවක් ලෙස , දංකොටුව දහම් පාසල් සහතික පත් ප්‍රධානයට සහ වෙන්නප්පුව දුම්මලදෙනිය පන්සලේ දහම් පාසලේ සහතිකපත් ප්‍රධානය රු 50000ක් බැගින් වෙන්කළ බව ප්‍රජා සංවර්ධන කමිටුවේ සභාපති වොහාන් මහතා පැහැදිලි කරන ලදි. මෙම සාකච්ඡාව අවසන් වුයේ එම යෝජනා වූ පරිදි දුම්මලදෙනිය පන්සලට ඉට වඩා මුදලක් ලබාදිය නොහැකි බව ස්ථීර කරමිනි. මෙම සංවාදය අවසානයේ සුසන්ත පෙරේරා මන්ත්‍රීවරයා පසුපස සිටි හසන්කා සෙව්වන්දි (ජාජබ) මන්ත්‍රීවරියට ‘ඔයා ලැජ්ජ වෙන්න ඕනා’ යැයි සැරෙන් ප්‍රකාශ කරන ලදී.
මෙම ප්‍රකාශයෙන් පසු මේ පිළිබඳව සභාවේ අවධානය යොමු නොවුවත් මන්ත්‍රීවරිය සභාපතිවරයා අමතමින් තමන්ට සිදුකළ මෙම වාග් ප්‍රහාරය ගැන විරෝධය පළ කළාය.
ඇය කියා සිටියේ ” මේ මන්ත්‍රීතුමා මට පිටිපස්ස හැරිලා කිව්වා ඔයා ලැජ්ජා වෙන්න ඕනා කියලා.ඒ චෝදනාව නිවරදි වෙන්න ඕනා. කාන්තාවකට පිටිපස්ස හැරිලා එහෙම කතාකරන්න බැහැ. ලැජ්ජා වෙන්න ඕනා.මම කැමති නැහැ ඒ විදිහට කතා කරනවට” යනුවෙන් ප්‍රකාශ කළාය.
මෙයට පිලිතුරු දෙමින් ප්‍රා.සභාපති ඇන්ටන් කුමාර මහතා ප්‍රා.සභා මන්ත්‍රී සුසන්ත පෙරේරාට අවවාද කරමින් කියා සිටියේ ඔබතුමා හිටපු සභාපතිවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් හැටියටයි දැන් ඉන්නේ.ඒ නිසා කතාකරද්දි මුලින්ම නැගිටලා කතාකරන්න, ඒක මම දිගටම කිව්වා. මම හැමෝටම කිව්වා.අනිත් පැත්ත හැරිලා කතාකරන්න එපා.විහේෂයෙන්ම සහෝදරයින් පරෙස්සම් වෙන්න සහෝදරියන් එක්ක ගනුදෙනු කරද්දී. වල්පල් කතාකරන්න එපා, එයාලා අපහසුතාවයට පත්වෙනවානේ.ඒ අනුව කටයුතු කරන්න” යනුවෙන් පවසන ලදි.







