spot_img
Saturday, March 7, 2026
spot_img

ගල්ලව විහාරාධිපති පඤ්ඤාරතන හිමියෝ සර්ප දෂ්ඨනයකින් අපවත්වෙති.

Must read

paggaratahana_thero_passaway

බුදු දහමේ අනාගත පැවැත්ම වෙනුවෙන් අතිමහත් සේවාවක් නිහඩවම සිදුකරමින් සිටි, ගල්ලව විහාරස්ථානයේ විහාරාධිපති ඕවිලිකන්දේ පඤ්ඤාරතන හිමියෝ ඊයේ රාත්‍රියේ (04 දා) හදිසියේ අපවත් වූ බව වයඹ ටුඩේ වෙබ් අඩවිය සාතිශය සංවේගයෙන් යුතුව වාර්තා කරයි.

ඊයේ රාත්‍රියේ ආවාස ගෙය තුළ සැතපෙමින් සිටියදී , උග්‍ර විස සහිත කරවලයකු විසින් කළ දෂ්ටනයකින් උන්වහන්සේ අපවත් වී වදාලහ.

මොණරාගල විද්‍යාසාගර පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස ද සේවය කරමින් සිට උන්වහන්සේ අපවත්වන විට 50 වැනි වියෙහි පසුවූහ. මෑතකදී පැවිදි දිවියට පත් සාමනේර භික්ෂූන් වහන්සේ 25 දෙනෙකු ගල්ලව විහාරස්ථානයට කැදවාගෙනවිත්, උන්වහන්සේට අධ්‍යාපනය ලබාදීම පිණිස පඤ්ඤාරතන හිමියෝ අපවත්වන අවස්ථාව වනවිට භික්ෂු දිවිය කැපකරමින් සිටියහ.

බුදු දහමේ චිරස්ථිතිය පිණිස අනූපමේය සේවාවක් සිදුකළ ඕවිලිකන්දේ පඤ්ඤාරතන හිමියන් අමා මහ නිවනින් සැනසීම ලබත්වා යැයි වයඹ ටුඩේ වෙබ් අඩවිය සංවේග සිතින් යුතුව ප්‍රාර්ථනා කරයි.

තවත් විස්තර ඉදිරියට….

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article