ග්රාම නිලධාරී අමල් සමන්ත මහතාගේ වසර 25 ක සේවය ඇගයීමේ උත්සවයක් පසුගියදා නාත්තන්ඩිය නගර ශාලාවේදී පවත්වන ලදි. නාත්තන්ඩිය ප්රාදේශීය ලේකම් ගීතානි ජාන්ස, විශ්රාමික පුත්තලම අතිරේක දිසාපති ඩබ්ලිව්. සී. ලෝව් ඇතුළු රාජ්ය නිලධාරීන්, ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයින්, ඇතුළු ප්රදේශවාසීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.
අමල් සමන්ත මහතා නාත්තන්ඩිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් කීපයකම ග්රාම නිලධාරීවරයා ලෙස කටයුතු කර ඇත. ‘ආවර්ජනා’ යනුවෙන් නම්කර තිබූ මෙම උත්සවයේදී නාත්තන්ඩිය ප්රාදේශීය ලේකම් ගීතානි ජාන්ස මහත්මිය විසින් අමල් සමන්ත මහතාට සමරු තිළිණයක් ප්රධානය කළ අයුරු ඡායාරූපයේ වේ. නාත්තන්ඩිය කොට්ඨාසයේ ග්රාම නිලධාරීනීයන් පිරිසක්ද එම අවස්ථාවට එක් විය.








