spot_img
Saturday, March 7, 2026
spot_img

ඩුබායි සිට ගෙන ආ සිගරට් බන්ඩල් හලාවතදී මාට්ටු වේ

Must read

03
ඡායාරූප – ජූඩ් සමන්ත

ඡායාරූප- ජුඩ් සමන්ත 04

(2.15pm) ජනවාරි 10 වැනිදා රාත්‍රීයේදී  හලාවත – සිංහපුර ප්‍රදේශයේදී   ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද දුම්වැටි තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි  සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසියේ නිලධාරීන් කටයුතු කර ඇත.

සැකකරු පදවා ගෙන පැමිණ ඇති මෝටර් රථයේ තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද සිගරට් බණ්ඩල් 229 ක් තිබී ඇත.එහි සිගරට් 45,800 ක් අඩංගු පැකට් 229 ක් තිබී ඇත.අත්අඩංගුවට ගෙන ඇති දුම්වැටි තොගයේ වටිනාකම තක්සේරු කර නැත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මීට පෙරද විවිධ චෝදනාවන් යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අයෙකු බවට හදුනා ගෙන ඇත.

සැකකරු සහ දුම්වැටි තොගය,මෝටර් රථයද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.හලාවත පොලීසිය වැඩිදුරමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article