spot_img
Friday, March 6, 2026
spot_img

තල්විල මෝයේ වැලි ඉවත්කිරීමට බැකෝ යන්ත්‍රය බැස්සවීමට තැනක් නැහැ?

Must read

මේ දිනවල පවතින අධික වර්ෂා හේතුවෙන් මෝය කටවල් වැලිවලින් පිරී ඇති අතර ඒවා මුහුදට ගලාබැස්සවීම සාමාන්‍යෙයන් බැකෝ දමා වැලි ඉවත්කිරිම කරනු ලබයි. තල්විල වැල්ලේ මෝයක් පිහිටා ඇති අතර මේ අසලින් අනංකල්ලිය ගඟ ගලාවිත් මුහුදට වැටෙයි. මේ අසල පාලම යහපාලන සමයේ දී එජාප රජය විසින් ඉදිකරන ලද්දකි. මේ අසලම කලබ් පාන්බේ හෝටලයද පිහිටා තිබේ. පාලම සෑදු පසු මෝය කට පිරුණු අවස්තා වලදී වැලි ඉවත්කිරීම බැකෝ දැමිය යුතු අතර එම බැකෝ යන්ත්‍රය මෝය කට අසලට බැස්සවීමට වම් පිසින් හෝ දකුණු පසින් ඉඩක් නොමැති බව ප්‍රෙද්ශයේ ධීවරයින් පෙන්වා දෙති. වම් පසින් පිහිටා ඇති කලබ් පාන්බේ හෝටලය එක මායිමක් පාලමට හේත්තු කොට වැට ගසා ඇත. අනෙක් පසින් ඇති පුද්ගලික ඉඩම් හිමියන් ගල්බැමි දමා ගඟ මායිමට වැට සීමා තනා ඇත. මුහුද දෙසින් බැසීම අසීරුතාවයක් පෙන්නුම් කරයි. ඊයේ මෝය කටේ තිබු වැලි ධීවරයින් විසින් බැකෝ යන්ත්‍රය මගින් ඉවත්කර ඇති අතර මෙම බැකෝ යන්ත්‍රය මෝය අසලට ගෙන ඇත්තේ කලබ්පාන්බේ හෝටලයේ භූමියට ඇතුලෙන් බව බවත් ධිවරයින් පවසන ලදි. ගංගා ආශ්‍රිත ඉවුරු මායිමේ ඇති ඉඩම් බොහෝමයක් ගඟ සිමාවටම සිය ඉදිකිරීම් සිදුකර ඇති අතර නැතිනම් වැටක් ගසා වෙන්කරගෙන ඇති ආකාරය ගංගා ආශ්‍රිතව දක්නට ඇත. මෙම තල්විල වැල්ලේ මෝය අසලද එවැනි තත්ත්වයක් පවතියි. සුළු ධීවර රැකියා වල යෙදෙනෙ ධීවරයින්ට මෙන්ම ගංගා ආශ්‍රතව මසුන් ඇල්ලීමේ නිරත වන ගම්වල සිටින ජනතාවට මේ ගං ඉවුර භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් පවතියි. මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

.  

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article