දිට්වා සුළි කුණටුව සහ ගංවතුර හේතුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ මාර්ග හා පාලම් වලට දැඩි හානි සිදුවූ අතර තොඩුවාව ඉරණවිල යා කරන ප්‍රධාන පාලම දෙකඩවිය. එම ප්‍රෙද්ශවල ජනතාවට හලාවත දක්වා ගමන් කිරීමට තිබෙන ප්‍රධාන ගමන් මාර්ගය මේ හේතුවෙන් අබලන් වූ අතර මේ දිනවල ජනතාව එහා මෙහා ගමන් කරන්නේ බෝට්ටුවල ආධාරයෙනි. ඊයේ මෙම පාලම සැදීම සදහා රජය විසින් ආරම්භ කළ අතර එයට පාලම නැවත සකස් කිරීම වෙනුවෙන් අවශ්‍ය පාලම් සහ උපකරන එම ස්ථානයට ගෙන එන ලදී. මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක තොඩුවාවට පාලම අසලට පැමිණෙන ලදී. මේ වන පාලමේ එක කොටසක් ඉතිරිවී ඇති අතර කැඩී ගිය කොටස පිළිසකර කිරිමට වැඩකටයුතු අරඹා තිබේ. 
තොඩුවාව -ඉරණවිල පාලම පිළිසකර කිරිම අරඹයි







