spot_img
Friday, March 6, 2026
spot_img

දූෂිත විදුහල්පතිවරුන් රකින බවට හලා/ කලාප අධ්‍යාපන කාර්යාලයට චෝදනා ?

Must read

හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය ඇතැම් දූෂිත විදුහල්පතිවරුන්ට රැකවරනය දෙන ස්ථානයක් ලෙස ප්‍රකට වී ඇති අතර එයට ආසන්නම උදාහරණය වනුයේ මාරවිල සුමනධම්ම විදුහලේ සේවය කළ සුදුසුකම් සපුරා නොමැති හිටපු විදුහල්පතිවරයාගේ දූෂිත මූල්‍ය වංචා පිළිබඳව දීර්ඝ කාලීනව ,නිද්‍රාශීලිව කටයුතු කිරීමයි.
ප්‍රදේශවාසීන් ,පළාත් ප්‍රධාන අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් නොවන්නට අදටත් , කලාප අධ්‍යාපන කාර්යාලය වංචනිකයින් ආරක්ෂා කරන බව පැහැදිලිය.
ගුරු ස්ථාන මාරු ක්‍රියාත්මක වන ආකාරයද අතිශය ප්‍රශ්නකාරීය. ගුරු ස්ථානමාරු අයඳුම්පත් වල අයඳුම් කර නොමැති පාසල්වලට පවා ගුරුවරුන්ගේ විමසිමකින් තොරව ස්ථානමාරු ලබාදෙන බව පෙනී යයි.
මෙහි හාස්‍යජනක කරුණ නම් ඉල්ලුම් නොකරන ලද පාසල්වලට සථානමාරු ලබානොදෙන බවට පොරොන්දු ප්‍රකාශයක්ද මෙම අයඳුම්පතේ සඳහන්කර තිබිමයි. එම වගන්තිද කලාප අධ්‍යාපන කාර්යාලයේ කිහිපදෙනෙකු විසින් නිර්දය ලෙස නොසලකා හැර මෙම ස්ථානමාරු ක්‍රියාාත්මක කරති.
විණය පරීක්ෂණ වලට ලක්කර ඇති විවිධ අක්‍රමිකතා වලට සම්බන්ධ ගුරුවරු ,ඇතැම් නිලධාරීන්ගේ සමපන්ධතා ඔස්සේ තමන්ට පහසු ස්ථාන මාරු ලබාගන්නා බව පෙනී යයි.

(කලාපයේ වෘත්තීයවේදීන් පිරිසක්)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article