spot_img
Saturday, March 7, 2026
spot_img

නාත්තන්ඩිය – මරද ප්‍රෙදේශයේ දී මව සහ පුතුට වෙඩි තබයි

Must read

ඊයේ (22) රාත්‍රී 9.30ට පමණ නාත්තන්ඩිය ,මරද ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබේ. මෙලෙස වෙඩි වැදී ඇත්තේ කාන්තාවකට සහ ඇයගේ පුත්‍රයාට වන අතර කාන්තාව රාත්‍රිෙය්දීම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. වෙඩි වැදී ඇති දරුවාගේ දකුණු කකුලේ කලවා ප්‍රදේශයට වෙඩි වැදී තුවාල සිදුවී ඇත. ඔහුගේ වයස අවුරුදු 09 ක් පමණ වන අතර මේ වනවිට මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. වෙඩි වැදීම සිදුවන අවස්ථාවේදී මෙම මව සහ පුතනුවන් ත්‍රීවීලයකින් ගමන් කරමින් සිට ඇත. මෙලෙස වෙඩි වැදී ඇත්තේ මරද ප්‍රෙද්ශයේ පදිංචි එකම පවුලේ එදිරිසිංහ ආරච්චිගේ වසන්ති චතුරානි (30) සහ රිද්ම මෙතූෂ (9) යන මව සහ පුත්‍රයාට වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article