spot_img
Friday, March 6, 2026
spot_img

කොච්චර ඇල්ලුවත්, වයඹ මුහුදට එන නීති විරෝධී බීඩි කොළ ?

Must read

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 පෙබරවාරි මස 25 වැනි දින කල්පිටිය ආනවාසල සහ මොහොත්තුවාරම්  ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ සහ ලඳු කැලෑවක සඟවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය අසූදෙකක (882) පමණ තොගයක් සමඟ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, කල්පිටිය ආනවාසල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, කැබ් රථයක (01) ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය හයක (306) පමණ තොගයක් සමඟ එම කැබ් රථය (01) සහ මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් මඟින් ලඳු කැලෑවක් තුල සඟවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය හැත්තෑ හයක (576) පමණ තොගයක් වශයෙන් නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය අසූදෙකක (882) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.       

තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැරදමා යන්නට ඇතැයි සැකකෙරෙන නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.  

navy.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article