පවතින යුද වාතාවරනය හේතුකොට මතුවී ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තුව නිවාඩු දීම සම්බන්ධයෙන් පසුගියදා සමගි ජන බලවේග පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන ලදී. එහිදී ඔහු අදහස් කර සිටියේ අර්බුදයක් පවතින අවස්ථාවක ජනතාව වෙනුවෙන් කතා කිරීමට ,ජනතා ඡන්දයෙන් පත්වී ඇති මන්ත්‍රීවරුන් පාර්ගිමේන්තුවට පැමිණිය යුතු අතර පාර්ලිමේන්තුව දිවස් වලට ප්‍රා.සංවර්ධන රැස්වීම් යොදා ගැනීම බරපතල ගැටලුවක් බවයි. පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ වැදගත්කම මතුකරමින් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වන ලදී.
‘ අර්බුදයක් තියෙනවා නම් වෙන්න ඕනා හොදම දේ තමයි ඒ රටේ පාර්ලිමේන්තුව කැදවන එක. අපි දකින්නේ ඒකේ අනිත් පැත්ත. අර්බුදයක් තියෙන වෙලාවේ මේකේ ඒසී එකේ වියදම ඉතුරු කරගන්න කියලා නිවාඩු දෙනවා. පාර්ලිමේන්තුවට අපිට ජන්දයක් දීලා එවලා තියෙන්නේ පාර්ලිමේන්තුවට ගිහින් මේ විවාදය කරන්න තමයි. අපේ අදහස් දක්වන්න තමයි. සාකච්ඡාවෙන් හරි ඵළයක් උඩට ගන්න තමයි. මගේ ආසන දෙකේම තියෙන ප්‍රා.සංවර්ධන කමිටු දෙක දාගන්නේ පාර්ලිමේන්තු දවසට. අපි ඡන්දය අරන් තියෙන්නේ පාර්ලිමේන්තුවට එන්න. මේ ගැන කිසිම වටිනාකමක් නැති මිනිස්සු ඒ දවසට ප්‍රාෙද්ශීය සංවර්ධන කමිටුත් දාගෙන ,ඒ දවසට පාර්ලිමේන්තුත් වහගෙන ගෙදරට වෙලා බුදිය ගන්නවා නම් , මම දන්නෑ මේකේ තත්ත්වය මොකක්ද කියලා. පාර්ලිමේන්තු දවසට ප්‍රා.සංවර්ධන කමිටු දාගන්න එපා කියලා මම නැවතත් මතක් කරනවා. ‘








