spot_img
Friday, March 6, 2026
spot_img

පාර්ලිමේන්තු කතා අපිට අදාළ නෑ – ප්‍රා.සභා විපක්ෂයේ විරෝධය

Must read

ඊයේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මහා සභාවාරය පැවැත්වූ අවස්තාවේ දී කොන්ත්‍රාත් පදනම මත බදවා ගනු ලැබ ඇති සේවක සේවිකාවන්ගේ යෝජිත වැටුප් වැඩකිරීම පිළිබඳව මාලිමා මන්ත්‍රී ප්‍රගීත් ධර්මජීව මහතා විසින් ස්තූති කතාවක් සිදුකරන ලදී. මේ ස්තූති කතාව මැදදී ජනාධිපතිවරයා විසින් වතුකම්කරුවන්ට සිදුකළ වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් ද ඊට අදාළව විපක්ෂය විසින් ක්‍රියාකළ ආකාරය ගැනද කතා කරන ලදී. ඒ අවස්තාවේදී විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් එයට බාධාකරමින් , විවේචනයක් එල්ල කළ අතර එම අවස්ථාවේදී නැවත මෙම වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් සංවාදයක් ඇති විය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රා.සභා මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිශාන්ත මහතා – ” ඔබතුමන්ලා කියන්න කලින් අපි ඒ්කත් යෝජනා කරලා තිබුණේ. ඒ් වගේම මේ රජය ඇවිත් ගතකරපු වසරක කාලයට ජීවන වියදම වැඩිවුණ විදිහට හරි නම් රු 2000 දක්වා වැටුප වැඩිකළ යුතුයි.ඒ්ක ඒ් තරම් උදම් අනන්න ඔ්නා දෙයක් නෙමේ, ඔබතුමාලගේ කාලය තුළ ජීවන වියදම වැඩිකරපු නිසයි මේ දීමනාව දෙන්න වුනේ කියලා මම යෝජනා කරනවා.”
විපක්ෂ කණ්ඩායම් නායක (සජබ) සුසන්ත ශ්‍රීනාත් මහතා – ” මේ රජයේ ජනධිපතිතුමා කිව්වා බලයට පත්වෙලා ඒක පෑන් පහරින් හාල් මිළ බස්සනවා කියාලා.අද වෙනකොට හාල් කිලෝ ඒකට 230ක් බිළ දාලා වෙනත් අයිටම් කියලා රු 150ක් ඇඩ් කරනවා වෙනම. ෆුඩ් සිටියේ හරි කඩේ හරි හාල් මිළ අල්ලන්නේ ඒහෙම, නැත්නම් උසාවි ගියාම දඩ ගහනවානෛ්. අද බඩු මිළ ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ් නිසා අපි යෝජනා කරනවා දෛනික වැටුප රු 2000ක් කරන්න කියලා. ඒදා රනිල් වික්‍රසිංහ මැතිතුමා ආපු ගමන් රාජ්‍ය සේවක වැටුප රු 10000කින් වැඩිකෙරුවා. ඒ් වගේම හාල් මිල රු 50කින් අඩු කෙරුවා. අද ඒහෙම තත්ත්වයක් නැහැ.

මේ අවස්තාවේ සභාවේ යම් උණුසුම් වාග් ප්‍රහාරයක් දෙපාර්ශවය විසින්ම ඒල්ලකරගත් අතර – ප්‍රා.සභා මන්ත්‍රී ප්‍රගීත් ධර්මජීව (මාලිමාව) මහතාට දිගින් දිගගටම බාධාකළ සුසන්ත පෙරේරා (පො.එ.පෙ) මහතාට පිළිතුරු දෙමින් ප්‍රා.සභා මන්ත්‍රී ශ්‍යාම් පෙරේරා මහතා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී
” එතුමා හිතන් ඉන්නේ එතුමා තාම ප්‍රා.සභාපති කියලා. ඔබතුමා වාර දෙකක් හිටියානේ. ඉතින් ඒකාලේ වැටුප් වැඩිකරන් තිබුණානේ. ඇයි ඒ වෙලාවේ වැටුප් වැඩි නොකළේ ඒ වෙලාවේ. ඒ වෙලාවේ 66ක් අතිරික්ත සේවකයෝ හිටියා. ඒ පඩි වැඩිකිරීම් තැන් තැන්වල එල්ලා දුන්නේ. ඒවල ඕටී තිබුනේ නැ..එහෙම දුන්නේ ඇයි කියලාත් අපි දන්නවා. පාර්ලමේන්තු කතා මෙතන එපා නම් රටේ දේශපාලනය කතාකරන්නත් එපා.ඔබතුමන්ලා මෙතන බිත්තිවල ගහලා තියෙන පොටෝ වල තියෙන අයගේ දේශපාලන ඉතිහාසය ගැනත් කතා කරන්නේ අපි කවුරුවත් ඒවට විරුද්ධ වුනේ නැනේ. අපි නිෂ්ශබ්දව අහගෙන හිටියා. සංවර වෙන්න,වැදගත් වෙන්න,නැගිටලා කතාකරන්න ඉගෙනගන්න. කලින් දුන්න ආදර්ශයම දැන් රිපීට් කරන්න හදන්න එපා.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article