spot_img
Friday, March 6, 2026
spot_img

පුද්ගලික ජීවිත පහුරු ගා ඩොලර් එකතු කරන යූ ටියුබ්කාරයෙක් ?

Must read

පුත්තලම් දිස්ත්‍රික්කයේ පා.මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ ජීවිතේ පුද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් පසුගියදා යූ ටියුබ් කරුවෙකු අමුතු කදන්දරයක් සමාජ මාධ්‍යට මුදාහරින ලදී.

යූ ටියුබ්කරුවා එය පළකිරීමට පෙර එය ඔහුගේ ⁣ෆේස්බුක් පි⁣ටුවේද පෝස්⁣ටුවක් මගින් මෙම කතාව පළකර තිබුනේ මෙම මන්ත්‍රීවරයා රට පනින්නට හදන බවයි. යූ ටියුබ්කරුවා පවසා ඇති පරිදි මේ් කතාව වෙන කිසිදු සමාජ මාධ්‍යක කතාබහට ලක්වූ බවක් නම් නොපෙනේ. මේ අතර මෙම සකසා ඇති ප්‍රවෘත්තියේ මන්ත්‍රීවරයාගේ දියණියගේ කටහඩ සහිත දුරකථන ඇමතුමක් ද ඇතුළත්ව තිබේ. නිල නොවන වාර්තා අනුව මෙම ඇමතුම ඇයගේ අනුදැනුමකින් තොරව පටිගත කර ඇත.
මෙතන ගැටළුව ඇත්තේ මන්ත්‍රීවරයා රට පනින්නට හදන එක හෝ ඔහුගේ පවුලේ අය ඒ ගැන කියන කතා නොව, ආචාරධාර් මික මාධ්‍ය භාවිතාවක් පිළිපදින්නෙකුට මේ ආකාරයට දේශපාලකයෙකුගේ හෝ ඔහුගේ දියණියගේ පුද්ගලික කාරණා සම්බන්ධ දුරකථන ඇමතුමක් මාධ්‍යට මුදාහැරීමට හැකිද යන්නයි. මෙම ප්‍රවෘතිතියෙන් සමාජයට ඇති ප්‍රෙයා්ජනය කුමක්ද යන්න බැලුවත් එහි ගතයුත්තක් නැත. නමුත් අනුන්ගේ ඕපදුව ප්‍රවෘත්ති යැයි සිතාගෙන නරන පිරිසක්ද සිටින නිසා මෙවැනි යූ ටියුබ් නාලිකා වලට ද පැවත්මක් ඇත.

මෙවැනි අයව කැදවා මාධ්‍ය ආචාර ධර්ම ගැන හෝටල්වල සමුලු පවත්වන සංවිධානද මේ තිත්ත ඇත්ත දැනගතයුතුව ඇත. පසුගිය කාල වල මේ යු ටියබ්කරුවන් ගෙන්වා මාධ්‍ය ආචාරධර්ම ගැන සිවිල් සංවිධාන කප්පරක් පුහුණු පවත්වා ඇති අතර , ආධුනික තරුණ මාධ්‍යවේදින් පුහුනු කරන්නට පවා මේ යු ටියුබ්කරුවන්ව ආදර්ශයට ද ගන්නා ලදී. දැන් සිද්ධ වෙන දේවල් නිසා කියන්නට සිදුවන්නේ කකුලුවාගේ පැටියාට කෙලින් යන්නට කියාදීමෙන් පළක් නැති බවය.

මේවා අයත් වන්නේ එදාවේල ටුවර්ස් ගනයට මිසා මෙහි ඇති මාධ්‍ය කලාවක් නැත. මහා ලොකු හෙළිදරව්වක් සිදුකරනවා යැයි සිතා ගමේ ලිද සංගම් වල කතාවෙන ඕපාදුප ඇදගෙන යූ ටියුබ් එකකින් ප්‍රවෘත්තියක් ලෙස කුණු රසයද එක්කරමින් සමාජ ගතකර බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න සිතාගැනීමට පාඨකයන් බුද්ධිමත් විය යුතුය.

මෙවැනි යු ටියුබ්කරුවන් විසින් මේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයින්ට සිදුකරමින් සිටි අපහාස නිසාම පසුගිය රජයන් සියල්ලක්ම පාහේ සමාජ මාධ්‍ය පාලනය යුතු බවට හඩක් නැගුන අතර ඒ සදහා අනපනත් ද දැන් නිර්මාණය වි තිබේ. අද ද සමාජ මාධ්‍ය විසින් මුලාශ්‍ර නොමැතිව ප්‍රවෘත්ති පළකිරිම සම්බන්ධයෙන් රටේ කතිකාවක් ඇති වී තිබෙන අතර මෙවැනි යූ ටියුබ්කරුවන්ගේ හිට්ස් වැඩිකරගැනීම ලාභ – පහත් උවමනාවන් නිසා සමාජ මාධ්‍ය පාලනය කිරීමට තිබෙන නීති වලටත් එහා ගිය නීති ගෙන ඒමට උවද පවතින රජය වුවත් පෙළඹිය හැකිය. මේ හරහා අනෙකුත් මාධ්‍යයට දැඩි පාලනයක් ඇති කර හැකියි.
කෙසේ වුවත් දේශපාලකයින්ද අවශ්‍ය වෙලාවට මෙවැනි යූ ටියුබ්කරුවන් නඩත්තු කරන අතර යහපත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් මාධ්‍යකරුවාගේ කාර්්‍යභාරය කුමක්ද යන්න නව දේශපාලන සංස්කෘතියක් උදෙසා කැපවන දේශපාලකයින්ද වටහා ගත යුතුය. මාධ්‍යකරුවෙකු හා යූ ටියුබ්කරුවෙකු අතරද වෙනසක් තිබෙන අතර, තමන්ගේ පුද්ගලික පැවැත්ම වෙනුවෙන් අන් අයගේ පුද්ගලිකත්වයට ,ආත්ම ගරුත්වයට අපහාස කිරීම මාධ්‍යවේදියෙකුට ගැලපෙන ක්‍රියාවක් නොවේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article