spot_img
Saturday, March 7, 2026
spot_img

පුහුණුව නිම කළ සෙබළුන්  234 ක් විජයබාහු  පාබල  පුහුණු පාසලට සමු දෙති.

Must read

පුත්තලම, විජයබාහු  පාබල  පුහුණු පාසලේ පාඨමාලා අංක 71 යටතේ පුහුණුව ලැබු ආධුනික සෙබළුන්  234 දෙනකුගේ විසිරයාමේ උත්සවය එම පුහුණු පාසල් සරඹ භුමියේදී  ඊයේ (31 දා) පැවැත්විණි.

දියතලාව ආරක්ෂක විද්‍යා පීඨයේ නියෝජ්‍ය සේනාවිධායක , කර්නල්  එස්. පී. පිලපිටිය මහාතාගේ ප්‍රධානත්වයෙන්  පැවැති මෙම විසිරයාමේ උත්සවයේදී දක්ෂතම වෙඩික්කරු ලෙස ආධුනික සෙබළ එච්.ජී. ගුණරත්න සහ සෑම අංශයකින්ම අතිශූර සෙබළා ලෙස  ආධුනික සෙබළ ඩබ්ලිව්. එම්. කුමාර සම්මාන ලැබූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත්  සිංහ, ගජබා , පාබල සහ යාන්ත්‍රික පාබල ඇතුඵ රෙජිමේන්තු ගණනාවකට අයත් අයත් සෙබළුන් පිරිසක් එකට පුහුණුව ලබා විසිරයෑම මෙම උත්සවයේ තිබූ විශේෂත්වයයි.

විසිරයාමේ පෙළපාලියේ  අණදීම  සිදුකරනු ලැබුවේ මේජර් පී.එම්. පතිරාජ මහතා විසිනි.

පුහුණුව නිමාකළ සෙබළුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සියැසින් දැකබලා ගැනීම පිණිස  සහාභාගි වී සිටියහ.

පුත්තලම –   නලින් හෙන්දුරුගොඩ03 01 06 07 09 08 11 04

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article